වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




ශි‍්‍රයාණියි, නිල්මිණියි නූලෙන් බේරෙයි ධම්මිකට තුවාලයි

ශි‍්‍රයාණියි, නිල්මිණියි නූලෙන් බේරෙයි ධම්මිකට තුවාලයි

‘ගිරිකුළ’ ඔබ මේ දවස්වල බොහොම ආසාවෙන් නරඹන ටෙලි නාට්‍යයක්. ශාන්ති දිසානායක ගේ නවකතාවට අනුව නිර්මාණය වූ මෙහි ජනක් ප්‍රේමලාල්, නිල්මිණි තෙන්නකෝන්, ශි‍්‍රයාණි අමරසේන, නිරෝෂන් විජේසිංහ ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා. මෙහි රූගත කිරීම් කළ එක දවසක අනතුරක් සිදුවෙලා කට්ටිය බේරිලා තියෙන්නේ අනූ නමයෙන්.

එදා ශි‍්‍රයාණි සහ නිල්මිණි සිටින දර්ශනයක් රූගත වෙමින් තිබුණෙ කළුදිය පොකුණ කියන බොහොම සුන්දර නිස්කලංක ප්‍රදේශයක. ශි‍්‍රයාණි මෙහෙණින් වහන්සේ කෙනකු ගේ භූමිකාවයි මෙහි රඟන්නේ. ඒ ප්‍රදේශයේ පොළොව තැනිතලා නොවූයෙන් කැමරා ට්‍රැක් එක හදාගන්නත් බොහොම වෙහෙසක් දරන්න සිදුවුණා. අමාරුවෙන් ඒකත් බැලන්ස් කරලා හදාගෙන දැන් රූගත කිරීමට සියල්ල සූදානම්.

නිල්මිණි ඇවිත් ශි‍්‍රයාණිට වැඳලා කතාබහ කරන දර්ශනයක් තමයි මුලින් ගන්න තිබුණේ. රිහසල් එකකුත් කරලා දැන් රූගත කිරීම් ඇරඹුණා. නිල්මිණි ඇවිත් ශ්‍රියාණිට වැඳලා කතා කරන්න හදනකොටම ‘දඩ බඩාස්’ ගාලා විශාල ශබ්දයක් එක්ක කැමරාව සවිකරලා තිබුණු ක්‍රේන් එකත් කඩාගෙන, කැමරා ශිල්පියා වූ ධම්මිකත් බිමට වැටිලා.

නිල්මිණියි, ශි‍්‍රයාණියි බේරුණත් ධම්මිකට නම් සෑහෙන්න තුවාලයි. ඒ කොහොම වුණත් ටික වෙලාවකින් ආයෙමත් ෂූටිං පටන් ගත්තා. හැබැයි අර ෂොට් එක නම් ආයෙ ගත්තේ නැහැ. ඒක වෙන විදියකට රූගත කරලා ඉවර කළාට පස්සෙ තමයි ධම්මික රෝහල් ගතවෙලා තියෙන්නේ.