වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




මාලිනියගේ රංගාභිමානයට ජගත් හරසර

මාලිනියගේ රංගාභිමානයට ජගත් හරසර

වේදිකා හා සිනමා රංගන දිවියේ පනස් වසරක් සපුරන හෙළ නිළි රැජන පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලිනි ෆොන්සේකාගේ රංගන දිවියට ඔස්ට්‍රේලියාවේ ආසියා පැසිෆික් සිනමා ඇකඩමිය (අප්සා) සහ ඉන්දියාවේ බැංගලෝර් අන්තර්ජාතික සිනමා උළෙල විසින් උපහාර පිදීමට නියමිතය.

මීළඟ ‘අප්සා - APSA’ ආසියා පැසිෆික් සම්මාන උළෙලේ ජූරි සාමාජිකාවක ලෙසද ඇය ආරාධනා ලැබ ඇති අතර ලාංකේය සිනමා ශිල්පියෙකු එම උළෙලේ ජූරියට සහභාගි වන ප්‍රථම අවස්ථාවද මෙය වේ. මීට අමතරව ලබන දෙසැම්බර් 26 වැනිදා සිට 2014 ජනවාරි 01 වැනිදා දක්වා ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන හයවැනි ‘බැංගලෝර් අන්තර්ජාතික සිනමා උළෙලේ’ මාලිනි ෆොන්සේකා ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මක් පැවැත්වීමෙන් ඇයගේ රංගන ජීවිතයට උපහාර පිරිනැමීමට ද කටයුතු යොදා තිබේ.

ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා බොරැල්ල නාමෙල් - මානෙල් පුංචි තියටර්හිදී පැවැත්විණි. මේ එහි ඡායාරූපයකි.