වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




‘අපේ යාළු පුංචි යාළු’ කුරුණෑගලදී වැඩ අරඹයි

‘අපේ යාළු පුංචි යාළු’ කුරුණෑගලදී වැඩ අරඹයි

සරත් දික්කුඹුරගේ කතා සංකල්පයකට අනුව සුමිත් කුමාර අධ්‍යක්ෂණය කරන අපේ යාළු පුංචි යාළු නම් ළමා ටෙලි චිත්‍රපටයේ රූගත කිරීම් හෙට කුරුණෑගලදී ඇරැඹෙයි. සරත් දික්කුඹුර, නිමල් පල්ලේවත්ත, නිර්මා සුරංජි, මල් කුමාරි ගීතරාණි, ඩී. බී. ගංගොඩතැන්න, සෝමවීර ගමගේ, චමිල අත්තනායක, පබෝධ පබරසර (ළමා) මෙහි රංගන දායකත්වය සපයති.

සුරේෂ් ධම්මික කැමරා අධ්‍යක්ෂණයෙන් ද,, ගාමිණී කොස්තා අංග රචනයෙන් ද, මායාදුන්න බණ්ඩාර තිර රචනයෙන් ද අපේ යාළු පුුංචි යාළු සඳහා එක්වෙති.

සුනෙත් රසාංගගේ සහාය අධ්‍යක්ෂණයකි. චිරන්ත විශ්වජිත් සංගීතය මෙහෙයවයි. හර්ශන ලාල් කලා අධ්‍යක්ෂවරයාය. සරත් දික්කුඹුරගේ ගීත රචනයකි. චරිත තිලක දික්කුඹුර සහ තෂිනි ෆොන්සේකා ගීත ගයනු ලබයි.

අපේ යාළු පුංචි යාළු රුක්මන් සමන්ප්‍රිය සමඟ බර්මින් ලයිලි ප්‍රනාන්දු නිෂ්පාදනය කරයි.