වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




යුරෝපීය සිනමා උළෙල කොළඹ දී ඇරැඹේ

යුරෝපීය සිනමා උළෙල කොළඹ දී ඇරැඹේ

මෙවර උළෙලට චිත්‍රපට 17 ක්
චිත්‍රපට උළෙල දින දෙකක් යාපනයේ

යුරෝපීය සිනමා උළෙල 2013 අද (28) කොළඹ දී ආරම්භ කරන්නට සූදානම්. හයවන වරට පැවැත්වෙන මෙවර සිනමා උළෙල දෙසැම්බර් 06 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ. එහිදී බෙල්ජියම, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, පෝලන්තය, ස්විස්ට්සර්ලන්තය, එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චිත්‍රපට 17ක් තිරගත කිරීමට නියමිතය.

මෙවර යුරෝපීය සිනමා උළෙලේ ආරම්භය සනිටුහන් කෙරෙන්නේ පසුගිය 2012 වසරේ කාන් චිත්‍රපට උළෙලේ දී ජූරි සම්මානය දිනාගත් කේන් ලෝචිග The Angel’s Shareචිත්‍රපටය යි. පළමු දිනය ආරාධිතයන් සඳහා වෙන්කර ඇති අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රතිභාපූර්ණ නිළි අයිරාංගනී සේරසිංහ කලා ශිල්පිනිය සහභාගී වේ.

29 වැනි දා සිට 06 වැනි දා දක්වා මහජනතාව වෙනුවෙන් විවෘත කෙරෙන මෙම චිත්‍රපට උළෙලේ දී සම්මානනීය යුරෝපීය චිත්‍රපට රැසක් තිරගත කෙරේ. ඔස්කාර් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන දිනූ ඩෙන්මාර්ක් චිත්‍රපටයක් වන In a Better World චිත්‍රපටය ද, වාර්තා චිත්‍රපටයක් වන More Than Honey චිත්‍රපටයද, නව යොවුන් ආදරය ගැන කියැවෙන Cool Kids Don’t Cry චිත්‍රපටයද මෙහිදී තිරගත කෙරේ.

‘Clara and the secret of the bears, Great Expectations, Tales of the night’ වැනි තරුණ සිතුවිලි සමඟ බැඳුනු චිත්‍රපට ද මෙවර යුරෝපීය සිනමා උළෙලට ඇතුළත් චිත්‍රපට කිහිපයකි. 2009 වසරේදී වැනිස් සිනමා උළෙලේ ගෝල්ඩන් ලයන් සම්මානය සඳහා නිර්දේශිත පළමු ලාංකේය චිත්‍රපටය වන විමුක්ති ජයසුන්දර ගේ ‘අහසින් වැටෙයි’ චිත්‍රපටයෙන් උළෙල අවසන් කිරීමට කටයුතු යොදා තිබේ.

ජාත්‍යන්තර සිනමා අත්දැකීම් රැසක් මෙරට ප්‍රේක්‍ෂකයන්ට විඳගැනීමට ලැබෙන මෙවර යුරෝපා සිනමා උළෙල යාපනයේදී ද පැවැත්වීමට නියමිතව ඇත. ඒ වෙනුවෙන් තෝරාගත් චිත්‍රපට හයක් දෙසැම්බර් 14 – 15 දෙදින තුළ යාපනය මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී තිරගත කෙරේ. කොළඹ යුරෝපා සංගමය, අජෙන්ඩා 14, යුරෝපා තානාපති කාර්යාල සහ සංස්කෘතික ආයතන සමඟ ජාතික චිත්‍රපට සංස්ථාව ඒකාබද්ධව එක්ව මෙම සිනමා උළෙල සංවිධානය කෙරේ. ප්‍රවීණ කෙටි හා වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණා විසින් මෙම චිත්‍රපට උළෙල සම්බන්ධීකරණය කටයුතු කරන ලදී.

නොවැම්බර් 28 පස්වරු 6.30 ට (ආරාධිතයන් වෙනුවෙන්)
The Angel’s Share
එක්සත් රාජධානිය

නොවැම්බර් 29 පස්වරු 3.30 ට
Cool Kidsdon’tCry
නෙදර්ලන්තය

නොවැම්බර් 29 පස්වරු 6.30 ට
Colour of the Ocean
(වැඩිහිටියන්ට පමණයි)
ජර්මනිය

නොවැම්බර් 30 පස්වරු 3.30 ට
In aBetter World
(වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි)
ඩෙන්මාර්කය

නොවැම්බර් 30 පස්වරු 6.30 ට
The Giants
(වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි)
බෙල්ජියම

දෙසැම්බර් 01 පස්වරු 3.30 ට
Tomorrow will be better
(වැඩිහිටියන්ට පමණයි)
පෝලන්තය

දෙසැම්බර් 01 පස්වරු 6.30 ට
The House by the Medlar Tree
(වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි)
ඉතාලිය

දෙසැම්බර් 02 පස්වරු 3.30 ට
Great Expectations
එක්සත් රාජධානිය

දෙසැම්බර් 02 පස්වරු 6.30 ට
The Beloved
(වැඩිහිටියන්ට පමණයි)
ප්‍රංශය

දෙසැම්බර් 03 පස්වරු 3.30 ට
Clara and the secret of the bears
ස්විස්ට්සර්ලන්තය

දෙසැම්බර් 03 පස්වරු 6.30 ට
Uncle Hank
(වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි)
නෙදර්ලන්තය

දෙසැම්බර් 04 පස්වරු 3.30 ට
Tales of the Night
ප්‍රංශය

දෙසැම්බර් 04 පස්වරු 6.30 ට
The Beauty and the Bastard
(වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි)
ෆින්ලන්තය

දෙසැම්බර් 05 පස්වරු 3.30 ට
Hotel Swooni
බෙල්ජියම

දෙසැම්බර් 05 පස්වරු 6.30 ට
More than Honey
ස්විස්ට්සර්ලන්තය

දෙසැම්බර් 06 පස්වරු 3.30 ට
Oh Boy
(වැඩිහිටියන්ට පමණයි)
ජර්මනිය

දෙසැම්බර් 06 පස්වරු 6.30 ට
Between Two Worlds
(අහසින් වැටෙයි)
(වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි)
ශ්‍රී ලංකාව