වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




වත්සලා අලුත් බලාපොරොත්තුවක

වත්සලා අලුත් බලාපොරොත්තුවක

වත්සලා දියලගොඩ කියන්නේ අපේ පුංචි තිරය බැබළ වූ තාරකාවක්. මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වෙන ඉසිවරුණ ටෙලි සිත්තමෙන් වත්සලා ඔබේ ආලින්දයට එනවා. ඒ වගේම ඇය නිවේදන කටයුතුවලත් නිරත වෙලා ඉන්නවා.

වත්සලා මේ දිනවල අලුත් බලාපොරොත්තු රැසක් දෝත දරාගෙන හරිම සතුටින් කාලය ගත කරන්නේ. ඒ ලොව උතුම්ම පදවිය මවු පදවිය අපේක්ෂාවෙන්. වත්සලා මේ දවස්වල සිය රංගන දිවියට මද විරාමයක් තියලා තියෙන්නේ ඒ නිසා.

නිවේදන කටයුතුවලට නම් තාමත් ඇගේ දායකත්වය ලබා දෙන්න ඇය සිය කාලය වෙන් කරලා තියෙන්නේ. මවු පදවිය ලැබීමෙන් පසුවත් දිගටම නිවේදන කටයුතුවල වගේම රංගන කටයුතුවලත් නියැළෙන්න තමයි වත්සලාගේ බලාපොරොත්තුව.