වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




සෙනාලි පුංචි තිරයට

සෙනාලි පුංචි තිරයට

සිරි පැරකම් සිනමාපටයෙහි සිරිමල් එතනාගේ චරිතය රඟපෑ සෙනාලි ෆොන්සේකා ටෙලි නාට්‍ය රංගනයට පිවිසෙයි. ඒ කළු සෙවණැල්ල ටෙලි සිතුවම හරහායි. පසුගිය කාලයේ ස්වාධීන රූපවාහිනියේ ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ විකාශය වූ අළු බඳුන හි අධ්‍යක්ෂවරයා මෙන්ම රචකයා ද වන දිලුක ප්‍රසාද් ගුණතිලක කළු සෙවණැල්ල අධ්‍යක්ෂණය කරනු ලබයි. මේ දිනවල නුවරඑළිය අවට ප්‍රදේශයන්හි රූ ගැන්වීම් සිදුවන කළු සෙවණැල්ල ටෙලි සිතුවමේ ජීවන් කුමාරතුංග, රොෂාන් රණවන ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයේ යෙදෙති.