වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




‘අංගුලිමාල දමනය’ට රටවල් තුනක් එක් වෙයි

‘අංගුලිමාල දමනය’ට රටවල් තුනක් එක් වෙයි

ඩබල් ට්‍රබල් චිත්‍රපටයේ නිෂ්පාදක රාජ් රණසිංහ ඉන්දියාවත්, මැලේෂියාව සහ කාම්බෝජය යන රටවල්හි නිෂ්පාදකවරුන් සමඟ එකතු වී දැවැන්ත සිනමාපට දෙකක් නිර්මාණය කිරීමට සූදානම් වෙයි. ‘අංගුලිමාල දමනය’ ඉන් එක් සිනමාපටයකි.

අංගුලිමාල කතා පුවත ඇසුරෙන් තැනෙන එම සිනමාපටය ලංකාව, ඉන්දියාව සහ කාම්බෝජයේ හවුල් නිෂ්පාදනයක් ලෙස එළි දකියි. සම්මානනීය සිනමාපටයක් වන එකදා වැහි නිර්මාණය කළ පරාක්‍රම ජයසිංහ අංගුලිමාල දමනය අධ්‍යක්ෂණය කිරීමට නියමිතය.

මෙරටත් මැලේෂියාවත් එකමුතුවෙන් නිර්මාණය වන චිත්‍රපටය වනුයේ ද ඔපසිටි කැච්වේ. සිංහලෙන් සහ ඉංග්‍රීසි බසින් එය එරට අධ්‍යක්ෂවරයකු වන ජොනතන් පී. අධ්‍යක්ෂණය කරයි. මෙම සිනමාපටයන් දෙකෙහිම කැමරා අධ්‍යක්ෂණය ජී. නන්දසේනගෙනි.