වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 30 වැනිදා බ්‍රහස්පතින්දා




තරුවක් වුණ ගීතයක්

තරුවක් වුණ ගීතයක්

ජෝන් ඩෙන්වර් හැත්තෑව දශකයේ ජනප්‍රිය අමෙරිකානු ජාතික ගායන ශිල්පියෙක්, පද රචකයෙක් වගේම රංගන ශිල්පියෙක්. ඩෙන්වර් පසුගියදා සම්මානනීය වුණා. ඔහු මෙලෙස සම්මානනීය වුණේ ලොස් ඇන්ජලීස්හි හොලිවුඩ් තරු මාවතේදීයි.

එහිදී ජෝන් ඩෙන්වර් නමින් තරුවක් වෙන් කෙරුණා. හොලිවුඩ් තරු මාවතේ තරුවක් හිමිවීම හොලිවුඩ් කලා ශිල්පීන් ශිල්පිනියන් අතිශයෙන් සතුටට පත්වෙන කරුණක්. ඒ වුනත් ඒ සතුට විඳීන්න ජෝන් ඩෙන්වර් අද ජීවතුන් අතර නැහැ.

ඔහු මෙලොවින් සමු ගත්තේ මීට වසර දහහතකට පෙරදීයි. ඒ වෙනුවෙන් පසුගියදා මෙම අවස්ථාවට සහභාගි වුණේ ඩෙන්වර්ගේ දියනිය සහ පුත්‍රයා යි. Annie’s Song, Take Me Home, Country Roads, Rocky Mountain High, Sunshine On My Shoulders ඔහුගේ ගීත අතරේ ලොව පුරා ජනප්‍රිය වූ ගීතයන් වේ.