වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 30 වැනිදා බ්‍රහස්පතින්දා




හොඳම හතුරාට අලුත් චරිතයක්

හොඳම හතුරාට අලුත් චරිතයක්

Pirates of The Caribbean චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය ආරම්භයට දැන් සූදානම් වෙමින් සිටින කාලයයි. වාර්තා රැසක් තබමින් තිරගත වූ Pirates of The Caribbean චිත්‍රපට මාලාවේ එය පස්වැනි චිත්‍රපටය යි. මෙවර එහි ප්‍රධාන සතුරාගේ චරිතයට ස්පාඤ්ඤ ජාතික නළු ගේවියර් බාර්ඩ්න් තෝරා ගෙන තිබේ. මෙම නවතම චිත්‍රපටය Dead Men Tell No Tales ලෙසින් නම් කර ඇත. මෙහි කැප්ටන් ජැක් ස්පැරෝගේ චරිතයට පණ පොවන්නේ සුපුරුදු පරිදි ජොනි ඩෙප් විසිනි.

ජොඇෂිම් රෝනින් සහ එස්පන් සැන්ඩ්බර්ග් අධ්‍යක්ෂණය කරන Pirates of The Caribbean : Dead Men Tell No Tales රූගත කෙරෙන්නේ ඔස්ට්‍රේලියාවේදීය. ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ Skyfall  හි සතුරු චරිතයටද පණ පොවන ලද්දේ ගේවියර් විසිනි. එහි රංගනය වෙනුවෙන් ඔහු ඇකඩමි සම්මාන උළෙලේ හොඳම සහය නළුවා සම්මානයට නිර්දේශ විය. දැන් නම් සැමදෙනා පවසන්නේ ගේවියර් හොඳම සතුරා බවට පත් වී ඇති බවයි. Dead Men Tell No Tales 2017 වසරේ ජුලි මාසයේදී තිරගත කිරීමට නියමිතය.