වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 30 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

ගාමිණී සිංහල චිත්‍රපට සඳහා

එල්ෆින්ස්ටන් රඟහල ගාමිණී ෆොන්සේකා නමින් හැඳින්වීම ඉතා කාලෝචිතය. එය ඔහුට කරන ගෞරවයකි. මරදානේ සිංහල චිත්‍රපට සඳහා සිනමාහලක් නොමැත. ඒ අඩුව පුරවාලමින් එය සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා යොදා ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
 

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව

ක්ලැරන්ස් යනු

තමාට සහ වෙනත් ගායක ගායිකාවන් සඳහා ගීත රචනා කිරීම,
එම ගීතයන්ට සහ එම ගායක ගායිකාවන්ගේ ශෛලියට අනුව තනු නිර්මාණය කිරීම,
ඒවාට සංගීත අධ්‍යක්ෂණය කිරීම,
වාදන ශිල්පියකු ලෙස කටයුතු කිරීම,
ගීත ගැයීම,
චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය කිරීම,
නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය කිරීම,
ශ්‍රී ලංකාවේ සංගීතය වෙනස් මඟකට යොමු කොට කණ්ඩායම් සංගීතය වෙනස් මගකට යොමු කොට කණ්ඩායම් සංගීතයේ ප්‍රමුඛයා වීම,
මෙවන් කලාකරුවකු ලංකාව තුළ බිහි වී සිටියේ ද නැත. ඒ ඔහුම පමණි.
 

චමින්ද කුමාර

ඉහළගම

දෙණියාය

අපේ සුබපැතුම්

තන්හා රති රඟා සිනමා සිත්තමෙන් නැවතත් රංගනයට පිවිසි සම්මානනීය රංගන ශිල්පිනියක් වන ස්වර්ණා මල්ලවාරච්චි සහ අනෝජා වීරසිංහ යන දෙපොළට ප්‍රේක්ෂක අපගේ සුබපැතුම්.
 

එච්. ඉන්ද්‍රපාල

මුංහේන

තරු තොරතුරු අගය කරමු

සිටි එෆ්. එම්. සරසවිය තරු තොරතුරු වෙතට මහද ප්‍රණාමය.

අතීතාවර්ජනයක යෙදෙමින් වින්දනීය ආකාරයෙන් ඉදිරිපත් කරන්නා වූ මෙම වැඩසටහන සකල දනා වෙනුවෙන් අගය කරමි.

සීලරත්න සෙනරත් නම් ප්‍රවීණ නිවේදකයාණනි, මේ සඳහා ඔබතුමන්ගේ පැමිණීම ඉතාමත් සතුටට කරුණකි.
 

වසන්තා නාමලී

ගංගොඩගම

දුලානි අනුරාධාට,

ඔයා ජීවය දෙන සෑම චරිතයක් තුළම ඔබ ජීවත් වෙනවා. ඔයාගේ රඟපෑම් කිසිදු දිනක අමතක වන්නේ නම් නැහැ.
 

ශාන්ති බන්දුනාථ

මහනුවර

ආදර දෑසක් අස්වැසිල්ලක්

මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ආදර දෑසක් ටෙලි වෘතාන්තය වර්තමාන යොවුන් පරපුරට මහඟු අස්වැසිල්ලකි. ආදරයත් වෛරයත් අතර පවතින වෙනස මෙහි නිර්මාණාත්මකව පෙන්වන අයුරු සුන්දරයි. එම ටෙලි සිතුවමේ භූමිකා ලෙස රඟන උදාරි අක්කාගේ රංගනය අගය කළ යුතුය. එලෙසම කාවිංග අයියත්, අමිල අයියත් තමනට ලැබෙන චරිත තාත්ත්විකව නිරූපණය කරනු ලබයි. එබැවින් මෙය ප්‍රේක්ෂකයන්ගේ සිත් තුළ සදාකල් රැඳෙන නාට්‍යයක් බව නොරහසකි.
 

විරාජ්

නාලවලාන

ඉන්දික අපට ආඩම්බරයි

අන්තර් ජාතික සිනමා උළෙළ සඳහා රටවල් හැටපහක් නියෝජනය කරමින් චිත්‍රපට එකසිය අසූ පහක් අතරට ප්‍රංශ බසින් අප සිංහල තරුණයකු වූ ඉන්දික උඩුගම්පොළ නිර්මාණය කළ රැය තවම තරුණයි සිනමාපටය යොමු කිරීම අප රටට ගෙන ආ මහත් ආඩම්බරයකි.
 

තිලකරත්න විල්වල

කෑගල්ල

ජෝදා අක්බර් ගීතය මිහිරියි

හිරු නාලිකාවේ විකාශය වන ජෝදා අක්බර් ටෙලි නාට්‍යයේ තේමා ගීතය ශිහාන් මිහිරංග සහ නිරෝෂා විරාජිනි විසින් ඉතාමත් ළයාන්විතව ප්‍රේක්ෂක සිත් සතන් සනහාලමින් ගයන බවයි මාගේ හැඟීම.
 

ධර්මා ඒකනායක

මාතලේ

අධිකරණ පෙරෙට්ටුව

ලක් එෆ්. එම්. ගුවන් විදුලි අධිකරණය, පෙරට්ටුව ඉතාමත් වැදගත් වැඩසටහනකි. පොදු ජනතාවගේ නොවිසඳුණු ගැටලු වගකිවයුත්තන්ගේ දෑස් විවර කර පෙන්වා දෙන්නේ හරිම අපූරුවටය. එම වැඩසටහන මෙහෙය වන නිවේදකයින් හිතට කා වදින ලෙස ඉදිරිපත් කරයි.
 

සෝමා එච්. පතිරණ

කහවත්ත

පුංචි කෙල්ලට ශක්තිය

හිමකඳු ටෙලි නාට්‍යයේ පැංචිගේ චරිතයට මැනවින් ජීවය දෙන නවක නිළි පුංචි කෙල්ලට රංගන ලොවේ දුර ගමනක් යන්නට ශක්තිය අපෙන්.
 

නීටා මාසලින් ඇතුළු පවුලේ සැම

කැලණිය

වරාගොඩ

සන්තුසට ස්තුතියි

එකදු දිය බිඳක් නොලද කතරක් වන් වූ ශ්‍රී ලාංකේය ටෙලි කලාව භාවතීර්ථය නම් වූ මුරුගසන් වරුසාවෙන් නැහැ වූ සන්තුස ලියනගේ නම් අසහාය නිර්මාණවේදියාට ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපගේ නොමද ස්තුතිය හිමි විය යුතුය. ඔහු ඇරැඹුවේ අලුත් කලාවක අලුත් ගමනකි. මෙතෙක් කලක් තෙවැනි ඇස නිදි ගන්වා රූපවාහිනිය නැරැඹූ කාලය ඔහු අවසන් කළේය. ඒ මහඟු කර්තව්‍යයේ ජාතික රූපවාහිනිය කරන මෙහෙය ද අප අගය කළ යුතුය.
 

මලිදු කාවින්ද කුමාරසිංහ

ආනන්ද විද්‍යාලය

කොළඹ.

ජාති, ආගම් භේද නොතකා සෑම ශ්‍රී ලාංකිකයෙකු නැරැඹිය යුතු චිත්‍රපටයකි අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ.
 

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල

S.M.S.

රුවන් ශ්‍රීලාල් දල්පදාදු දිගු විරාමයකට පසු යළි ගීත ගායනයට පිවිසීම සතුටට කරුණකි. එක් අතකින් වෛද්‍ය වෘත්තියෙන් ඔහු රෝගීන් හට ශාරීරික සුවයක් ඇති කරන අතර අනෙක් අතින් ගීත ගයමින් ඔහු රසික රසිකාවන්ගේ සිත් සතන් පිනවනු ලබයි.
 

සුරංගි

වේවැල්දෙණිය

තන්හා රති රඟා චිත්‍රපටයට පින් සිදුවන්න ඉතාම කාලෙකට පසු ස්වර්ණා මල්ලවආරච්චිගේ සහ අනෝජා වීරසිංහගේ දක්ෂ රංගනයන් දකින්න පුළුවන් වුණා.
 

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය

ලංකාවේ මා දුටු සරල, චාම් වගේම සුන්දරතම නිළිය මංජුල කුමාරියි.
 

චන්ද්‍රමාලි

මාතර

ඉතිහාස කතා තැනුවා ඇති. ඊට වඩා හොඳයි සුරංගනා කතා ටිකක් හදලා අපට පෙන්නුවා නම්.
 

සුරන්ජි

කටුනේරිය

ඇතැම් පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවන්වල අලුත් ගීත ප්‍රචාරය කරන්නේ මුදල් ගෙවා බව දැනගන්නට ලැබුණා. මෙහෙම තත්ත්වයක් මත දුප්පත් නවකයෙක් එළියට එන්නේ කොහොමද?
 

කුමාරණතුංග

අලව්ව

මෑතකදී තිරගත කළ බොහොමයක් චිත්‍රපට ඩී. වී. ඩී ගත කිරීම ඉතාමත් හොඳ කටයුත්තකි. එහෙයින් නැරඹීමට නොහැකි වූ චිත්‍රපට රැසක්ම මට බලන්නට හැකි විය.
 

කසුන්

මාකුඹුර

චිලී වැඩසටහන් ඉදිරිපත් කරන විට අතපය විසි කරනවා වැඩියි. සංයමයකින් නිවේදන කටයුතු කරන්න.
 

සුදේශ්

ග්‍රෑන්ඩ්පාස්

ආදර දෑසක් ටෙලි සිතුවමේ උදාරි අක්කි ලස්සනට රඟපනවා. ඇය මෙවර සුමති උළෙලේ ජනප්‍රියම නිළිය වේවා.
 

නිලුකා

අවිස්සාවේල්ල

කංචන කොඩිතුවක්කු යනු වර්තමානයේ ලංකාවේ බිහි වුණු දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙකි. ඔහුව සම්මානයක් පුදා අගයන්නේ නම් මැනවි.
 

සේන

ගාල්ල

සිරස ලක්ෂපති වැඩසටහනේ අවසාන දිගුව මෙය බව එහි නිවේදක චන්දන සූරියබණ්ඩාර පවසනවා. අනේ එහෙම කරන්න එපා. ප්‍රේක්ෂක අප වෙනුවෙන් තවත් දිගුවක් ගෙන එන්න.
 

ෆාතිමා

වැලිගම

බලංගොඩ ඉම්පීරියල් සිනමා ශාලාව යළි විවෘත කරන්න.
 

සුනිල් කන්දෙගෙදර

රත්මලවින්න

විනු අක්කේ, ඔයාට සිනමාවට ගැළපෙන අංග ලක්ෂණ තියෙනවා. ඒත් ඇයි ඔයා අඩුවෙන් සිනමාපටවල පෙනී සිටින්නේ.
 

හර්ෂ

නිකවැරටිය

සුමනා අමරසිංහට ඉතාම ඉක්මනින් නීරෝගි සුව ප්‍රාර්ථනා කරමි.
 

හේමා

වල්පොළ

ග්‍රේෂන් ආනන්ද නොමැති සිනමා ලොව අඳුරුයි. මාරියෝ පුතනුවනි, ඔබ ඒ අඩුව නැති කරන්න.
 

පිටිපන

මීගමුව

නවකතා ටෙලි නාට්‍යවලට නැගීමේදී එහි රසය බාල වෙනවා කියලයි මට හිතෙන්නේ.
 

සිරිනාථ

දඹගල්ල

නොයෙල් රාජ්ගේ නවතම ගීතය ‘හඬන තරම් ඔබ හින්දා’ ඉතාම මිහිරියි, ළයාන්විතයි.
 

සඳකැලුම්

පිළියන්දල

රැවටුන තරම් ඔබ හින්දා මං ගීතය රුවන් හෙට්ටිආරච්චි ගයද්දී ඇඬෙනවා ඉබේටම. ඒතරම් එය සංවේදියි.
 

ලක්මාලි

වරකපොළ

සූරියා දයාරුවන් ගැයූ නවතම ගීතය හරිම ලස්සනයි. එහි වීඩියෝව සඳහා වීණා ජයකොඩි වැනි අයකු යොදා ගැනිම ගැන ඔහුට තුති පුදමි.
 

නිශාන්ති

රනාල

ඇන්ටන් ජූඩ් නැති අඩුව අද තදින් දැනේ. සබඳ පබිලිස් ටෙලි සිතුවමේ ඔහු කළ රංගනය එය විකාශය වී දස වසක් ඉක්ම ගිය ද යළි යළි මතකයට නැගේ.
 

සිතුම් සත්සර

රත්මලාන

කෝපි කඩේ ටෙලි සිතුවමට තව අලුත් කතාන්දර අවශ්‍යයි. ඉස්සර වගේ ත්‍රාසය, කුතුහලය රැගත් තිර නාටක යොදා එය නිර්මාණය කරන්න.
 

වාසනා

මහබාගෙ

හිරු නාලිකාවේ ආටක නාටක නම් පට්ටම පට්ට. එය නරඹන කොට සිනහා පහළ වන්නේ ඉබේටමයි. එහි කතා එකතු කොට චිත්‍රපටයක් තැනුවත් පාඩු නැත.
 

පවිත්‍රා

කඩුවෙල

කලාකරුවෝ එකතු වෙලා සංවිධාන හැදුවට වැඩක් නැහැ. මොකද කලා ලොවේ අසාධාරණකම් සිදු වන විට ඒ ගැන බලා නිසි ක්‍රියා මාර්ග ගැනීමට සංවිධානවලට නොහැකි වීම නිසා. එබැවින් කලා සංවිධානවලින් පළක් නොවේ.
 

රෝහණ

කටුබැද්ද

හුස්ම සහ ඔක්සිජන් ටෙලි සිතුවමෙහි දර්ශන ඉතාමත් වෙනස්. එය එදිනෙදා දකින ටෙලි සිතුවම්වලින් කැපී පෙනේනේ ඒ හින්දයි.
 

ලක්මාලි

වරකපොළ

ඔබේ ප්‍රතිචාර ක්ෂණිකව අප වෙත එවන්න,
0752805047
අංකයට.
ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනය තැපැල් හා සටහන් පත් වෙනුවෙනි.
www.sarasaviya.lk
හරහා අසීමිතව ඔබට ප්‍රතිචාර දැක්විය හැකිය.