වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 30 වැනිදා බ්‍රහස්පතින්දා




සඟවා (නො)ගනු මැන ඔබෙ රුව

සඟවා (නො)ගනු මැන ඔබෙ රුව

‘සුරූපී නාරි දේහය ඇත්තේ ලොවට හොරා සඟවා ගන්නට නොවෙයි. සැමට පෙන්වන්නයි’ මෙසේ පවසමින් හා හා පුරා කියා බොලිවුඩයට එක් වන්නේ ප්‍රියංකා චොප්රාගේ ඥාති සොයුරිය බාබී හැන්ඩාය.

‘බාබී’ නම බෝනික්කියකට මිස නිළියකට නුසුදුසු නිසා ඇය මනාරා ලෙස නම වෙනස් කරගෙන තිබේ. ‘බාබී’ යනු ඇය බොහෝ දෙනා හඳුන්වන සුරතල් නාමයයි. මනාරා යන ග්‍රීක වචනයේ තේරුම සැවොම ආකර්ෂණය කරගන්නා දිළිසෙන ද්‍රව්‍යයක් යන්නයි.

ප්‍රියංකාගෙන් මනාරාට ලැබෙන්නේ අනගි සහයකි. ‘ඇය සිනමා කර්මාන්තයේ සිටින ඇසුරු කළ යුත්තන් මට හඳුන්වා දෙනවා. මගේ මංගල බොලිවුඩ් සිනමාපටය ‘සිඩ්’ පෝස්ටරය සඳහා මුළුමනින්ම පෙනී සිටින්නේ නිරුවත්වයි. කලාත්මකව පෙනී සිටී නම් එහි වරදක් නැති බව ප්‍රියංකා පැවසුවා’ මනාරා පවසන්නීය.

බාබී හෙවත් මනාරා සිනමාවට පිවිසියේ ‘ප්‍රේමා ගීමා ජන්තා නහි’ සිනමාපටයෙනි.