|
|||
එදා පූජා-පබාවතී මෙදා පත්තිනි මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම නිර්මාණය අද ඇරැඹේමිලිනා සුමතිපාල නිෂ්පාදනයක්
හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් ‘සරසවිය’ සම්මාන දිනූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නිර්මාණය කරනු ලබන නවතම වෘත්තාන්ත චිත්‍රපටය ‘පත්තිනි’ හි වැඩ කටයුතු අද පෙරවරුවේ සුබ මොහොතින් ඇරඹේ. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ හොඳම නිෂ්පාදනය වෙනුවෙන් ‘සරසවිය’ සම්මානය දිනාගත් මිලිනා සුමතිපාල යි. මීට පෙර ‘උත්පලවණ්ණා’ චිත්‍රපටය නිෂ්පාදනය කළේ මහාචාර්ය ආරියරත්නයන් සහ මිලිනා සුමතිපාල එකතුවෙනි. මෙය මහාචාර්යවරයාගේ විසිවැනි චිත්‍රපටයවන අතර සුමති චිත්‍රපට සමාගමේ හයවැනි නිෂ්පාදනයයි. රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, ලකී ඩයස්, පූජා උමාශංකර්, උද්දික ප්‍රේමරත්න, අරුණි රාජපක්ෂ, වීණා ජයකොඩි, ජයලත් මනෝරත්න එහි ප්‍රධාන චරිත සඳහා තෝරාගෙන තිබේ. දක්ෂිණ භාරතයේ සුප්‍රකට පුරාවෘත්තයක් වන පත්තිනි උපත මෙම සිනමා කෘතියට පාදකවේ. මෙහි දෙබස් සහ තිරරචනය මහාචාර්ය සුනිල් ආරියරත්න ගෙනි. මෙහි කන්නගී හෙවත් පත්තිනි චරිතයට තෝරාගෙන ඇත්තේ පූජා උමාශංකර්ය. සමීරමධු කිඳෙල්පිටිය වෙස් ගැන්වීමෙන් ද, චමත් පරණවිධාන දෘෂ්ටි ප්‍රයෝගයෙන් ද, වෙනුක වික්‍රමආරච්චි ඇඳුම් නිර්මාණයෙන් ද, චන්දන වික්‍රමසිංහ නර්තන වින්‍යාසයෙන් ද, බිමල් දුෂ්මන්ත කලා අධ්‍යක්ෂණයෙන් ද, රුචිල දිනෙෂ්ක කහඳව කොණ්ඩා මෝස්තර නිර්මාණයෙන් ද පත්තිනි සඳහා දායක වෙති. විමල් දේශපි‍්‍රය සහාය අධ්‍යක්ෂණය කරන මෙහි නිෂ්පාදන කළමනාකාරීත්වය මනෝහාරී හේවාවසම් ගෙනි. නිෂ්පාදන සම්බන්ධීකරණය ඒ. ඩී. රංජිත් කුමාර ගෙනි. පත්තිනි සංගීතවත් කරනුයේ ආචාර්ය රෝහණ වීරසිංහයි. එහි කැමරාව මෙහෙයවනුයේ චන්න දේශපි‍්‍රයයි. -ප්‍රසාද්
|
|||