වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 30 වැනිදා බ්‍රහස්පතින්දා




තිලක් මාතර දී උගන්වනවාලු

තිලක් මාතර දී උගන්වනවාලු

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ, ජාතික රූපවාහිනියේ හිටපු නාට්‍ය අංශ ප්‍රධානී සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වැඩසටහන්) තිලක් ගුණවර්ධන විසින් මෙහෙයවන ‘රංගනය, නාට්‍යකරණය සහ රූපවාහිනීකරණය’ පිළිබඳ උසස් පාඨමාලාව ලබන නොවැම්බර් 22 වැනිදා සිට මාතර දී ආරම්භ කිරීමට කටයුතු සළසා ඇත.

වයස අවුරුදු 16 සිට 60 දක්වා වූ වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, රූපවාහිනි වැඩසටහන් අධ්‍යක්ෂණය, පිටපත් රචනය, නිවේදනය, රංගනයට උනන්දුවක් දක්වන මෙන්ම නාට්‍ය හා රංග කලාව සහ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයන් ලෙස හදාරණ අයහට මේ සඳහා සහභාගි විය හැකිය. ආරම්භක සැසිය සම්මානනීය ලේඛක සෝමවීර සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 22 වැනිදා මාතරදී පැවැත්වේ.