වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 30 වැනිදා බ්‍රහස්පතින්දා




චරිත නවයක් සමඟ අමීර්

චරිත නවයක් සමඟ අමීර්

අමීර් ඛාන්ගේ විසිපස් වසරක නළු ජීවිතයේ වඩාත්ම කැමැති චරිතය අන්තර්ගත වී ඇත්තේ දෙසැම්බර් 19 දින තිරගතවීමට නියමිත ‘පී කේ’ සිනමාපටයේයි. මෙය පුදුමයක් නොවෙයි. ඒ අමීර් එහි වෙනස් චරිත නවයක් රඟන නිසයි. එහි එන එක් චරිතයක් නිරූපණය කිරීමේදී ඔහු බුලත් විට සියයක් දිනකට කෑමට ගෙන තිබේ.

සැබෑ ජීවිතයේදී පුරුද්දක් ලෙසින් බුලත් විට කෑමට නොගන්නා ඔහු සිනමාපටයේ සෑම දර්ශනයකදීම බුලත් විට සපා ඇත. දර්ශන තලයේ බුලත් විට කරුවකු නිරන්තරයෙන්ම රඳවා ගැනීමට අධ්‍යක්ෂවරයා වග බලාගෙන තිබේ.

ප්‍රසිද්ධියේ සුළු දිය පිට කරන, සිඟන්නන්ගෙනුත් සොරකම් කරන දර්ශන ඇතුළත් මෙය විසි පස් වසරක වෘත්තීය ජීවිතයේ දුෂ්කර ක්‍රියාව ලෙස අමීර් හඳුන්වයි. සිනමාපටයේ ඔහු ඇසිපිය ගසන දර්ශන ද අවමය. අනුෂ්කා ෂර්මාගේ දෑස් දෙස බලා සිටින විට එය අසීරු කටයුත්තක් නොවන බව අමීර් විහිළුවට මෙන් පවසා තිබේ.

අමීර් කෙතරම් දුෂ්කරතාවට පත්කර ඇත්දැයි දැනගැනීමට ප්‍රේක්ෂකයන්ට දෙසැම්බර් 19 වනතුරු බලා සිටීමට සිදුවේ.