වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 30 වැනිදා බ්‍රහස්පතින්දා




මහේන්ද්‍රට - අනිල් කපූර්ගෙන් ආරාධනාවක්

මහේන්ද්‍රට - අනිල් කපූර්ගෙන් ආරාධනාවක්

මහේන්ද්‍ර පෙරේරා කියන්නේ එසේ මෙසේ රංගන ශිල්පියකු නෙවෙයි. ඔහු මෑත කාලයේ නිරූපණය කළ සෑම චරිතයක්ම පාහේ ඇගයීමට ලක් වුණේ ඔහුගේ ඇති විශිෂ්ටත්වය නිසාමයි. ඔහුගේ රංගනයෙන් වසඟ වුණු අලුත් සිනමා තරුව සුපිරි ඉන්දීය නළු අනිල් කපූර්ය.

පසුගියදා පැවැති හිරු ගෝල්ඩන් සම්මාන උළෙලේදි මහේන්ද්‍රට අනිල්ගෙන් ආරාධනාවක් ලැබුණා. ඒ මහේන්ද්‍රගේ රංගනය දුටු අනිල් ඔහුට තමාගේ ඊළඟ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා කළ ආරාධනයයි. කෙසේ නමුත් අප රටේ මහේන්ද්‍ර වැනි රංගන ශිල්පියෙක් බොලිවුඩය නියෝජනය කරන්නට ලැබෙනවා කියලා කියන්නේ එය අප රටට මහත් වූ ආඩම්බරයක්. එම චිත්‍රපටයට රංගනයෙන් දායක වී එම වසරේ පැවැත්වෙන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී සම්මානයක් හිමි වෙන්නත් කියලා සරසවිය ප්‍රාර්ථනා කරනවා.