වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 30 වැනිදා බ්‍රහස්පතින්දා




ජැක් බෲක් මිය යයි

ජැක් බෲක් මිය යයි

ස්කොට්ලන්ත ජාතික රොක් ගායක ජැක් බෲස් පසුගියදා එංගලන්තයේදී ජිවිතයෙන් සමු ගත්තා. ඒ වන විට ඔහු ගත කළේ සිය ජීවන ගමනේ 71 වැනි කඩඉමයි. බ්‍රිතාන්‍යයේ රොක් සංගීත කණ්ඩායමක් වූ ක්‍රීම් හි ප්‍රධාන ගායන ශිල්පියා සහ බේස් ගිටාර් වාදකයා ලෙසින් කටයුතු කළ ජැක් මිය ගියේ අක්මාව හා සම්බන්ධ රෝගයකින්. ඒ වන විටත් ජැක්හට අක්මා බද්ධ කිරීමක් ද සිදුකර තිබුණා.

ඔහු සිය ප්‍රථම ගිත ඇල්බමය එළි දැක්වූයේ 1969 වසරේදීයි. එය For A Tailor නම් වුණා. Thing We Like, Harmony Row, Jet Set Jewel, Shadows in The Air ඔහුගේ ගීත අතරේ ජනප්‍රිය වූ අතර Silver Rails 2014 වසරේදී ඔහු අවසන් වරට එළිදැක්වූ නිර්මාණයයි. ප්‍රීතිමත් ජිවිතයකට හිමිකම් කී ජැක් බෲස් දෙදරු පියෙක්.