මහේන්ද්‍රට - අනිල් කපූර්ගෙන් ආරාධනාවක්
සිරිල්ගේ මතක සටහනක්
පසුගියදා පැවති සිසිර සේනාරත්න උපහාර උළෙලේදී විශිෂ්ට රංගධර සිරිල් වික්‍රමගේ අපූරු
අතීත කතාවක් හෙළිදරව් කළා.
මාව සිනමා නළුවකු කරන්න සිසිරත් හවුල් වුණා.
ඒ කොහොමද?
ළඟ සිටි අයකු විමසුවා.
මං එතකොට මූදු පුත්තු නාට්‍ය රඟපාන යුගය. මම සිනමාවට කැමැත්තක් තිබුණේ නෑ. ඒත් ‘උඹව
හරි යන්නේ සිනමාවට’ කියලා මාව බලහත්කාරයෙන් වගේ හර්බට් එම්. සෙනෙවිරත්න ළඟට එක්කගෙන
ගියා. මට හඳපාන චිත්‍රපටයේ සුළු චරිතයක් කරන්නට අවස්ථාව ලබා දුන්නා. එයින් මට දිගු
ගමනක් යන්නට හැකි වුණා. ඉතින් සිසිරට මං බෙහෙවින් තුති පුදනවා මේ වෙලාවේ. ඒ වගේම
ඔහුට දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරනවා.
සිරිල් එවදන් පෙළ අවසන් කළේ හරිම ගෞරවයෙන්. සිරිල් වික්‍රමගේ මෙන්ම නිළි රැජන
මාලිනී ෆොන්සේකා සිනමාවට හඳුන්වා දීමේදිත් සිසිර සේනාරත්න දායක වුණා.
ප්‍රසාද්
|