|
දැනුමට මිනුමට
* ලෝකයට චලන චිත්‍ර යන්ත්‍රය සොයා දුන්නේ සොහොයුරන් දෙදෙනෙක් විසිනි. ඔවුන් නම් ඔගස්ටස් මේරි ලුවිස් නිකලස් ලුමියර් සහ ලුවිස් ජීන් ලුමියර් ය. ඔවුන් ලුමියර් සහෝදරයන් ලෙසින් හැඳින් වූ අතර ඔවුන් නිපද වූ යන්ත්‍රය සිනමැටී ග්‍රාෆ් යනුවෙන් හැඳින්වීය
* සිංහල සිනමාවේ ටාසන් යනුවෙන් හඳුන්වන ලද නළුවා වනුයේ රිචඩ් ඇල්බට් ය.
* ලෝකයේ දීර්ඝතම ධාවන කාලයකින් යුතු චිත්‍රපටය වනුයේ ජර්මනියේ තැණුනු හයිමාර්ට් චිත්‍රපටය යි. එය පැය දහසය හමාරක දීර්ඝ ධාවන කාලයකින් යුක්ත වේ.
* 1903 වසරේ තැණුන The Great Train Robbery චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ එඩ්වින් එස්.පෝටර් විසිනි. සිනමාවේ වෘත්තාන්ත කතා කලාවේ ආරම්භය එයින් සිදුවීම එහි විශේෂත්වය යි. එමෙන්ම සිනමා කර්මාන්තය බිහිවීමෙහි ලා මෙම චිත්‍රපටය අතිශය වැදගත් විය.
* සිනමා කෘතියක් වෙනුවෙන් හඬකැවූ ලොව පළමු සිනමා නළුවා අල් ජොන්සන්ය. ලොව මුල්ම කතානාද චිත්‍රපටය වන The Jazz Singer චිත්‍රපටය වෙනුවෙන් ජොන්සන් සිය හඬකවමින් රඟපෑවේය.
* සිනමාව වර්ණ භාවිත කරන ලද්දේ 1906 වසරේදී පමණ ජෝර්ජ් ඇල්බට් ස්මිත් විසිනි. සිනෙමාකලර් ක්‍රමය යොදා ගැනීම මෙහි ආරම්භය යි.
* සිංහල චිත්‍රපට අධ්‍යක්ෂණයේ යෙදුණු ප්‍රථම ලාංකේය දෙමළ අධ්‍යක්ෂවරයා ටී. සෝමසේකරන්ය. සැඩසුළං චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඔහු විසිනි.
* ඉන්දියානු සිනමාවේ ප්‍රථම නිළිය වනුයේ කමලා බායි කමත් ය.
* ලෝකයේ දීර්ඝතම චිත්‍රපට කතා මාලාව ලෙස හැඳින්වනුයේ තෝරා සාන් චිත්‍රපට මාලාවයි. ජපානයේදී නිර්මාණය කෙරුණු එහිදී 1969 වසරේ සිට 1995 වසර දක්වා එක දිගට චිත්‍රපට 48ක් නිර්මාණය කෙරිණි.
* 1905 වසරේ සිට 1914 දක්වා කාලය දක්වා ලොව විශාලතම චිත්‍රාගාරය වනුයේ ගෝමන්ට් පික්චර්ස් චිත්‍රාගාරය යි. එහි හිමිකරුවා වුයේ ප්‍රංශයේ ලියොන් ගෝමන්ට් ය.
* ප්‍රථම ඉන්දියානු කතානාද චිත්‍රපටය හා වර්ණ චිත්‍රපටය නිර්මාණය කළේ අර්දේශීර් අයිරාණි විසිනි.
* ශ්‍රී ලංකාවේ ගොඩනැගුණු මුල්ම චිත්‍රාගාරය වූයේ කඳානේ පිහිටි සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරය යි. එය ගොඩනංවන ලද්දේ එස්. එම් නායගම් විසිනි.
* 1951 වසරේදී ඉන්දියාවට පැමිණි ප්‍රංශ සිනමාකරුවෙකු සත්‍යජිත් රායි හට විශාල මඟ පෙන්වීමක් කළේය. ඔහු ෂාන් රෙමෝවාය. ඒ ඔහු ඉන්දියාවේදී ද රිවර් චිත්‍රපටය නිර්මාණය කිරීමෙනි.
* දිලීප් කුමාර් ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස අට වතාවක් සම්මාන දිනා ගන්නා ලදී. ඒ දාග් (1953), අසාද් (1955), දේව්දාස් (1956), නයාදෝර් (1957), කොහිනූර් (1960), ලීඩර් (1964), රාම් ඕර් ශ්‍යාම් (1967) සහ ශක්ති (1982) චිත්‍රපටවල රංගනයන් වෙනුවෙනි.
* රාජ් කපූර් මුල්වරට රඟ පෑ චිත්‍රපටය වනුයේ 1935 වසරේ තැණුනු ඉන්කුලාබ් චිත්‍රපටය යි.
|