වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රසංගයකට පුහුණු වෙමින්

ප්‍රසංගයකට පුහුණු වෙමින්
 

ගායන ශිල්පී

බණ්ඩාර අතාවුද

සංගීත කටයුතුත් සමඟ මගේ දවස ගත වෙනවා නොදැනෙන තරම්. සංගීතය ඉගෙන ගැනීමට කැමැති ඕනෑම කෙනෙකුට මගේ උදව් ලබා දෙන්නට මම ඉන්නේ බොහොම කැමැත්තෙන්.

ඒ වගේම පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ ලලිත කලා අංශයේ සංගීතය ඉගැන්වීමට මා සහභාගි වෙන්නේ බාහිර කථිකාචාර්යවරයකු වශයෙන්. ඊට අමතරව 2013 වසරෙහි පැවැත්වුණු මගේ ‘රුවන් තාරකා’ ප්‍රසංගය මේ වසරෙහිත් අපේ‍්‍රල් මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ නුවර මහජන බැංකුවේ ප්‍රධානත්වයෙන් ඔවුන්ගේ කලාකවයේ අර මුදල තර කර ගැනීම සඳහා ධර්ම රාජ ශ්‍රවණාගාරයේ දියි. ප්‍රසංගයේ සංගීත පුහුණුවීම් කටයුතු නිසා මම තරමක් මේ දවස්වල කාර්යබහුලයි.