වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




වැලිවිටගෙන් අලුත් කැමරාවක්

වැලිවිටගෙන් අලුත් කැමරාවක්

රූපවාහිනී සහ සිනමා ඩිජිටල් නිෂ්පාදන සඳහා නවීනතම උපකරණ නිපදවන ලෝකයේ ප්‍රමුඛතම ආයතනයක් වන බ්ලැක් මැජික් සමාගම විසින් පසුගිය සතියේ 4K ප්‍රඩක්ෂන් කැමරාව හඳුන්වා දෙන ලදී. එම කැමරාව ආසියාවේ රටකට පළමුව ලැබුණේ ශ්‍රී ලංකාවටය.

එය එම සමාගමේ මෙරට අලෙවි නියෝජිතයන් වන ෆයින්විෂන් ආයතනයට පසුගියදා ගෙන එන ලදී. 4K ප්‍රඩක්ෂන් කැමරාව මඟින් රූපවාහිනී සහ සිනමා නිර්මාණ 4K ප්‍රමිතිය යටතේ සිදු කළ හැකිය.

සේයාරුවින් දැක්වෙනුයේ බ්ලැක් මැජික් සමාගමේ ආසියානු කළාපයේ වෙළෙඳ කළමනාකරු වන ග්‍රෙගරි වෑන් විසින් කැමරාව ෆයින් විෂන් ආයතනයේ සභාපති රොහාන් වැලිවිට වෙත භාරදුන් මොහොතයි.