වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ඔබේ අදහස්වලට නිබඳව මේ ඉඩ විවෘතය. ප්‍රතිචාර ක්ෂණිකව කෙටි පණිවිඩය අකුරු කොට 0752805047 අංකයට හෝ ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට තැපැල්පත් මඟින් එවිය හැකිය.

තිස්සට ප්‍රණාමය

පැරැණි චිත්‍රපට යළි සිනමා ලෝලීන්ට නැරැඹීමට අවස්ථාවන් උදාකර දෙන තිස්ස නාගොඩවිතාන නම් උතුම් මිනිසාට අපේ ප්‍රණාමය.

ගිල්බට් පෙරේරා

හෝකන්දර

මැණිකේ විල්වල

කෑගල්ල

වී. අයි. පී. නාලිකාවටයි

ආරම්භයේදී සහ පරීක්ෂණ තත්ත්වයේදී හොඳට පැහැදිලිව ශ්‍රවණය කිරීමට හැකි වූ වී. අයි. පී (එෆ්. එම්. 94) ගුවන් විදුලිය නව තරංග මාලාවට වෙනස් වූ දා සිට බොහෝ තැන්වලදී එම නාලිකාව සුසර කිරීමට මා හට අමාරු වී ඇත.

ඩිජිටල් රේඩියෝවක හැර සාමාන්‍ය වෙනත් රේඩියෝවක එම නාලිකාව ඇසෙන්නේම නැත. මේ නිසා එම ගුවන් විදුුලියේ ඉංජිනේරුවන් එසේ වීමට කරුණ සොයා බලා පිළියම් යොදනු මැනවි.

මහනුවර උපනන්ද

අඟුලාන

සුසිලා නියමයි

තරුමලී ටෙලි නාට්‍යහි ඇග්නස් නම් වූ මෙහෙකාර සේවිකාවකගේ චරිතයට පණ පොවන සුසිලා කෝට්ටගේ එතුළින් කාන්තාවකට මුහුණපෑමට සිදුවන අකටයුතුකම්වලට විරුද්ධව කතා කරයි. ඇය එය ඉතාම සාර්ථකව නිරූපණය කරන්නීය.

නිමාෂා සත්සරණී විතානගේ

කොළඹ 06

කැළුම් තරංග

කොළඹ 14

නිමල් සූරියසේන

වරකපොළ

නිලංජනා අශෝකානි
ග්‍රෑන්ඩ්පාස්

සංධ්වනිය වෙනස්

ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ සමනල සංධ්වනිය මෙතෙක් බිහි වූ චිත්‍රපට අතරින් වෙනස් වූ ප්‍රශස්ථ චිත්‍රපටයක් කියා මට දැනෙයි. එම චිත්‍රපටය පරිකල්පනා මනසින් යුතුව නැරැඹිය යුතු චිත්‍රපටයක් බැවින් එය විශිෂ්ටම සිනමා කෘතියකි.

දර්ශිකා වීරකෝන්

මාවනැල්ල

දේශපාලනයට නම් එන්න එපා

ජගත් චමිල, බිමල් ජයකොඩි, උද්දික ප්‍රේමරත්න යන අයගේ රංගන හැකියාව මම ගොඩක් අගයමි. ඒ අතරින් උද්දිකගේ රංගනය සුපිරියි. අනේ අයියේ ඔයා නම් දේශපාලනයට එන්න එපා. අපට අවශ්‍ය උද්දික කියන හොඳ රංගන ශිල්පියා මිසක දේශපාලඥයා නොවෙයි.

නිපුනි

ගාල්ල

ඒ ශෛලියටම

ලා සිංඥො හෙවත් ලහිරු පෙරේරා ගයන අලුත් ගීතය වන මොට්ටු ඔහු ඔහුගේම ශෛලියට ගයා තිබෙනවා. තවත් එවන් වූ ගීත ගයන්න. ඔබ හරිම නිහතමානී ගායකයකු කියලා මට හිතෙනවා.

නන්දා ලියනගේ

මහවැව

මර්සි එදිරිසිංහට

ඔබට නිදුක් නිරෝගී සුවය ලැබී නැවත අපව සතුටු කරන්නට ඉක්මනින් වාසනාව ලැබේවා. ඔබට තිසරණ සරණයි.

ස්වර්ණා අරංගල්ල

කොටුගොඩ

සුහානි රාත්‍රියට ප්‍රණාමය

ජාතික රූපවාහිනියේ විකාශය වන ‘සුහානි රාත්’ එදා හැට හැත්තෑ දශකවල අප මෝහනයට පත්කළ භාරතයේ හින්දි ගීත දැක බලා ගත හැකිය. ඒ අනුව බලන කල එය දුර්ලභ ගණයේ වැඩ සටහනකි. අපව ඉතා කනගාටුවට පත් කරමින් කලක් විකාශය නවතා තිබූ සුහානි රාත් නැවත විකාශය කිරීම පිළිබඳ එහි නිෂ්පාදිකා ඇතුළු ජාතික රූපවාහිනියට තුති පුදමි.
 

අජිත් ජෝතිය කරසිංහ

මත්තේගොඩ

එහෙම වෙන්න ඇත

මුතු පලස ටෙලි නාට්‍යයයේ සුබෝධාගෙන් නිහාල්ට නිතරම ඇනුම් පද කියනු ලබයි. නිහාල් සේරම දරාගෙන කරබාගෙන සිටින්නේ සුබෝදා කියන හැම දේම ඇත්ත නිසා වෙන්න ඇති.
 

සුජාතා ගුණවර්ධන

කඩවත

හොඳයි මචාං

ස්වධීන රූපවාහිනියේ රන්තරු හොඳා ආ . . . ආ . . . ආ . . .යි මචංලා ගොඩක් ඉන්න නිසා මල් හතා ආ . . . ආ . . . ආ. . . යි. කාන්තා චරිතවලටත් මචංලා ටිකක් එකතු කළා නම් දැනෙන සතුට මට කියන්න වචන නැහැ.
 

සුනිල් චන්ද්‍රසේකර

කොටුගොඩ

තන්හාය ජායතී සෝකෝ

සරත් ධර්මසිරිගේ මිරිගු නදිය ටෙලි නාට්‍යයේ මුදල් මංකොල්යක් සිදු කළ අය ඉන් පසුව ඇතිවන බිය, සැකය, භීතියට පත්වීම, නීතියේ රැහැනින් පැන යාමට තැත් කිරීම මනාව කැමරාවට නඟා ඇත. තන්හාය ජායතී සෝකෝ.
 

සුමනා ධර්මවර්ධන

කටුවැලමුල්ල

සිංහට සුබපැතුම්

ජනතාවගේ තොරතුරු දැන ගැනීමෙ අයිතිය තහවුරු කරමින් ශ්‍රාවක රසාස්වාදය ඉහළම තැනට ගෙන ඒමට සමත් වූ සිංහ ගුවන් විදුලියේ දෙවන උපන් දිනයට මගෙන් සුබපැතුම එක් කරමි. එමෙන්ම එහි තුෂාරි හෙට්ටිආරච්චි ඇතුළු සිංහ පිරිවරට ද ජය පතමි.

චාමර හේමන්ත වීරසිංහ

පිළියන්දල

*****************************************************************************************************

S.M.S

එදා එක චිත්‍රපටයක හෝ දෙකක රඟපෑ නළු නිළියන් ජනප්‍රිය වුණා. එත් අද නළු නිළියන් ජනප්‍රියවීමට පොර කනවා. මට නම් හරිම කනගාටුයි.

අතුල

පානදුර

මිරිඟු දිය එක දිගට නැරැඹිය හැකි අපූරු ටෙලි සිතුවමක් කියලා මට හිතෙනවා. ඒ වගේම එහි නළු නිළියන් තෝරා ගැනීම ඉතාමත් හොඳීන් සිදු කර තිබෙනවා.

රත්න කහඳව

අලව්ව

ටෙලි තරු අතර පායා ආ සුරූපී තරුමලී වූ විනු උදානි සිරිවර්ධන ඇහැළෙපොල සිනමාපටය හරහා සිනමාවට පිවිසෙන්නට සූදානම් වෙනවා. මේ පා තැබූ අලුත් මාවත දිගේ දිගු ගමනක් යාමට ඔබට හැකි වේවා.

වසන්ත කුමාර

බොරැල්ල

ස්වර්ණවාහිනියේ විකාශය වන අම්මාවරුනේ ටෙලි සිතුවමෙන් තරුණ තරුණියන්ට කදිම ආදර්ශයක් දෙනවා.

ප්‍රනීත් පෙරේරා

මොරටුව

අප සොඳුරු සිනමාවේදිනිය ඉනෝකා සත්‍යංගනී නිර්මාණය කළ සින්ඩරෙල්ලා සිනමාපටය තිරගත කරන්නට පමා වන්නේ මන්ද. ප්‍රේමය තේමා කර ගනිමින් රූපයට නැඟුණ එය නරඹන්නට මම හරිම කැමැත්තෙන් පසු වන්නෙමි.

සරත් කුමාර සමරවීර

කොළඹ

නිළියන්ගේ අන්වර්ථ නම්

පබා - උපේක්ෂා ස්වර්ණමාලි

පූජා - ඕෂධී හේවාමද්දුම

ඕළු - මංජුලා කුමාරි

අමා / දම්සාරි - ශෙරිල් ඩෙකර්

සඳා – නිලුක්ෂි ප්‍රනාන්දු

සරා - සුජානි මේනකා

ලක්මාලි

වරකපොළ

ආත්මා ටෙලි නාට්‍යයට මම ගොඩක් ප්‍රිය කරමි. එය නිෂ්පාදනය කරමින් ප්‍රධාන චරිත නිරූපණය කරන චතුරිකා, ගයාන් යුවළට ද සුබ පතමි. ළඟදීම ආත්මා වගේම තවත් සොඳුරු ටෙලි නාට්‍යයක් කරන්න යැයි ද මම ඉල්ලා සිටිමි.

චන්දිම

ඇඹිලිපිටිය

තරුමලී හි රඟන දේව් සුරේන්ද්‍ර අයියා වෙත,

ඔයා නිමල් ඇන්තනීගේ ත්‍රීවීල් ගීතයේ හොඳට රඟපානවා කියලා මට දැනුණා. අයියේ ඔයා ඉම්රාන් ඛාන් වගේ ආකර්ශනීයයි. තව තවත් නිර්මාණවලින් අප හමුවට එන්න.

අමිල කැළුම්

ගොකරැල්ල

මුතුපලස ටෙලි නාට්‍යයේ අහිංසා කරන්නේ නමට නොගැළපෙන වැඩකි. අහිංසා කරන්නේ නමට නෙගැළපෙන වැඩකි. අහිංසා, අහිංසක දරු පවුලක් විනාශ කරන්න එපා.

සුජාතා ගුණවර්ධන

කඩවත

හිරු නාලිකාවෙන් විකාශය වන පිනි බිඳක ටෙලි සිතුවම හොඳ වුවත් එහි අවසානය ඉතාම අසාර්ථකයි කියලා මට හිතෙනවා. අන්තිම මොහොතේ නාට්‍යයේ තිබූ ගැම්ම නැති වුණා.

කමල් ප්‍රියන්ත ජයසිංහ

නක්කවත්ත

මගේ හිතට වදින ලෙසට රඟපාපු එකම නළුවා තමයි රොෂාන් රණවන. ඔහුගේ චිත්‍රපට මං බැලුවේ පිස්සුවෙන් වගේ.

මධු

අනුරාධපුර

පුංචි තිරයේ තූර්යා හි අනුහස් වූ මාධව විජේසිංහ එන්න එන්න රංගනයෙන් ඉදිරියට යන අයුරු මට පෙනෙන්නට තියෙනවා. කෙදිනක හෝ ඔබ නො අනුමානව සුපිරි තරුවක් වේවි.

පී. එන්. ඒ. නිලුකා

අවිස්සාවේල්ල

නළු නිළියන් රූපවාහිනී වැඩසටහන් මෙහෙයවීමට මම නම් දැඩි අකමැත්තෙන් යුතුව හෙළා දකිමි. මන්ද යත් වැඩ සටහනක් මෙහෙවිය යුත්තේ නිවේදනය පිළිබඳ පොඩි හෝ ඇල්මක් ඇති නිවේදකයකු බැවිනි.

මධු

බදුල්ල