වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




Top Ten

Top Ten

ලෙගෝ මූවි පෙරමුණේ

අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතර මේ සතියේදිත් පෙරමුණ ගැනීමට සමත් වූයේ පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වන The Lego Movie චිත්‍රපටයයි. ෆිල් ලෝර්ඩ් සහ ක්‍රිස්ටෝපර් මිලර් අධ්‍යක්‍ෂණය කළ මෙම චිත්‍රපටය පසුගිය සති අන්තයේ දී ඩොලර් මිලියන 63.5 ක ආදායමක් වාර්තා කළේය.

පසුගිය පෙබරවාරි 14 වැනිදා තිරගත කිරීම ආරම්භ කළ About Last Night චිත්‍රපටයට හිමි වී ඇත්තේ දෙවැනි ස්ථානයයි. යුවළක් වටා ගෙතුණු අපූරු කතා පුවතක් රැගත් චිත්‍රපටයක් වන මෙය පළමු සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 28.5 ක්. ස්ටීව් පින්ක් අධ්‍යක්‍ෂණය කළ About Last Night හි කෙවින් හාට්, මයිකල් ඒලි, රෙජින් හෝල්, ජෝයි බ්‍රෙනට්, කිස්ටෝපර් මැක්ඩොනල්ඩ් ඇතුළු පිරිසක් රංගන දායකත්වය ලබාදෙති. අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දර්ශකයේ තෙවැනි ස්ථානයට පත් වන්නේ පසුගිය 12 වැනිදා තිරගත වීම ඇරඹූ RoboCop චිත්‍රපටයයි. ජොඑල් කිනමන් , ග්‍රේ ඕල්මෑන්, මයිකල් කීටන්, ඇබී කොමිෂ් රංගනයෙන් දායකවන RoboCop පළමු සති අන්තතයේදී ඩොලර් මිලියන 25.6 ක ආදායමක් වාර්තා කළේය.

The Monuments Men  සහ Endless Love චිත්‍රපට පිළිවෙළින් සිව්වැනි සහ පස්වැනි ස්ථාන හිමිකරගෙන ඇති චිත්‍රපට වේ. අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතර පස්වැනි සතිය ගතකරන Ride Along  චිත්‍රපටයට හිමිවන්නේ 6 වැනි ස්ථානයයි. අකීවා ගෝල්ඩ්මන් අධ්‍යක්‍ෂණය කළ Wnter’s Tale  චිත්‍රපටය ඩොලර් මිලියන 8.1 ක ආදයමක් වාර්තා කරමින් 7 වැනි ස්ථානයට පැමිණ තිබේ.

අති සාර්ථක අන්දමින් අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දහය අතරේ දහතුන් වැනි සතියේ සිටින Frozen අටවැනි ස්ථානයත් අටවැනි සතිය ගතකරන Lone Survivor නමවැනි ස්ථානයත් හිමිකර ගැනීමට සමත් වී ඇත. අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට අතරේ දසවැනි ස්ථානයේ සිටින්නේ That Awkward Moment චිත්‍රපටයයි.