වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




එළවළු සමඟ හඬ

එළවළු සමඟ හඬ

රුව හැඩ වෙන්න, හඬ මිහිරි වෙන්න සුපිරි පොප් ගායිකා බියොන්සේ නවතම ප්‍රතිපත්තියක් ආහාර පාන සම්බන්ධයෙන් අනුගමනය කරන්නට පටන් ගෙන ඇත. බියොන්සේ, සැමියා ජේ ඉසෙඩ් සමඟ එළවළු, පලා මුසු ආහාර වේලකට පළමු තැන දී යහපත් ජීවිතයකට මුල පුරති. මසුන් වර්ග කිහිපයක් හැර ඇය වෙනත් කිසිදු ආහාර වර්ගයක් නොගන්නීය. ඇයගේ රීමික්ස් කළ ‘ඩ්‍රන්ක් ඉන් ලව්’ ගීය ද මේ දිනවල ජනප්‍රියය. තිස් දෙහැවිරිදි බියොන්සේ අමෙරිකානු සුපිරි පොප් ගායිකාවක වගේම නිළියක ද වන්නීය. ඇයගේ කුලුඳුල් ඇල්බමය ‘ඩේන්ජරස්ලි ඉන් ලව්’ ලොව පුරා මිලියන 11 ක් අලෙවි කෙරිණි. ‘ද පින්ක් පැන්තර්, ඔබ්සෙස්ඩ් ඇය රැඟූ සිනමාපට කිහිපයකි.

දහසය වසරක කලා ජීවිතයේ ඇය ලබා ඇති ග්‍රැමී සම්මාන ගණන 17 කි. ඇයගේ අලෙවි වී ඇති ගීත ඇල්බම සංඛ්‍යාව මිලියන 118 කට අධිකය.