වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




දහම් පාසලේ උගන්වමින්

දහම් පාසලේ උගන්වමින්
 

රංගන ශිල්පී

රුවන් වික්‍රමසිංහ

මේ දවස්වල රංගන කටයුතුවලින් තරමක් ඈත්වෙලා සිටින නිසා දහම් පාසලේ ඉගැන්වීම් කටයුතුවල නිරත වෙනවා. මගේ දහම් පාසලේ ගුරු වෘත්තියට වසර විසි දෙකක්. මගේම කියලා කිංග් කොලේජ් කියන පෞද්ගලික ඉංගී‍්‍රසි ආයතනයේ කටයුතුත් කෙරෙන්නෙත් මේ අතරෙමයි.

පසුගිය දවස්වල මගේ රංගනය දකින්න ලැබුණු ‘ඉස්සරහට යන්න’ ටෙලි නාට්‍යයේ මා රඟපෑවේ මාස පහළොවකට පස්සෙයි. ලැබෙන සෑම චරිතයක්ම රඟපාන්න කැමැත්තක් නොතිබුණත්, යමක් කළ හැකි චරිතයකට රංගනයෙන් දායක වීමට මම ඉන්නේ බොහොම කැමැත්තෙන්.