වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




බැන්දට පස්සේ ලෙඩේ හොඳයි

බැන්දට පස්සේ ලෙඩේ හොඳයි

‘ආදරය’ නින්ද සොරා ගනියි. එහෙත් විවාහය සුව නින්දකට මඟපාදයි. එවැනි සිතිවිල්ලක් ඇති කරන්නේ අන් කිසිවකු නොව බොලිවුඩ් තාරකාව විද්‍යා බාලන්ය.

අමිතාබ් බච්චන්, ෂාරුක් ඛාන් මෙන්ම විද්‍යා බාලන් ද නින්ද නොයෑමේ රෝගයෙන් පීඩා වින්දාය. මහ ගෙදර සිටියදී ඇය රාත්‍රී කාලය ගත කළේ තිර රචනා කියවමින්, රූපවාහිනිය නරඹමින් හෝ මිතුරු මිතුරියන්ට එස්. එම්. එස්. යවමිනි. එහෙත් විවාහය සියල්ල වෙනස්කර ඇත.

විද්‍යා සැමියා සිද්ධාර්ත් රෝයි කපූර් සමඟ රාත්‍රී දොළහට පමණ නින්දට යති. රාත්‍රියට රූපවාහිනිය නැරැඹීමට, අවදි වී සිටීමට දැන් ඇයට කොහෙත්ම කැමැත්තක් නැත. ‘මගේ ඉන්සොම්නියා (නින්ද නොයාමේ රෝගී තත්ත්වය) සැබැවින්ම විවාහයෙන් සුවපත් වුණා.’ ඇය පවසන්නේ සතුටිනි.

මේ අතර විද්‍යා ගැබ්ගෙන ඇති බවට රාවයක් ද ක්ෂේත්‍රය පුරා පැතිරිණි. කට කතාවට මුල් වී ඇත්තේ ඇය නිතර රෝහලට යාමයි. සමහර ගමන්වලදී විද්‍යාගේ පවුලේ අය ද සහභාගි වී තිබේ. එහෙත් තමන් ගැබ්ගෙන නැති බව විද්‍යා තරයේම පවසන්නීය. සායනවලට සහභාගි වෙනවායි සිතීම සැබෑම විහිළුවක් බව විද්‍යා කියන්නේ ඕපාදූප සොයන්නන් ගැන නොමනාපයෙනි.