වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




බර්ලින් රන් වලහා චීනයට යයි

බර්ලින් රන් වලහා චීනයට යයි

ලොව ඉහළම සිනමා උළෙල අතරින් එකක් ලෙස සැළකෙන බර්ලින් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල පසුගිය දා උත්කර්ෂවත් අයුරින් ජර්මනියේ බර්ලින් හිදී නිමාවිණි. පෙබරවාරි 06 වැනිදා ආරම්භ වූ මෙවර 64 වැනි උළෙල පසුගිය 16 වැනිදා නිමාවට පත් වූයේ ඩියා ඕ ඉනෑන් අධ්‍යක්‍ෂණය කළ ‘බ්ලැක් කෝල්, තින් අයිස්’ චිත්‍රපටයට ගෝල්ඩන් බෙයාර් සම්මානය හිමිකර දෙමිණි.

ජූරියේ සම්මානය (සිල්වර් බෙයාර්) – ද ග්‍රෑන්ඩ් බුඩාපේස්ට් හොටෙල් (අධ්‍යක්‍ෂණය - වෙස් ඇන්ඩර්සන්)

ඇල්ෆ‍්‍රඩ් බේයර් සම්මානය (සිල්වර් බෙයාර්) – ලයිෆ් ඔෆ් රිලේ (අධ්‍යක්‍ෂණය – ඇලයින් රෙස්නායිස්)

හොඳම අධ්‍යක්‍ෂණය (සිල්වර් බෙයාර්) රිචඩ් ලින්ක් ලේටර් (බෝයිහුඩ්)

හොඳම නිළිය (සිල්වර් බෙයාර්) – හරූ කෝර්ති (ද ලිට්ල් හවුස්)

හොඳම නළුවා (සිල්වර් බෙයාර්) – ලියෝ ෆෑන් (බ්ලැක් කෝල් තින් අයිස්)

හොඳම පිටපත (සිල්වර් බෙයාර්) - ස්ටේෂන්ස් ඔෆ් ද ක්‍රොස් (ඩයිට්චේ බර්ග්මන්)

හොඳම කැමරාකරණය (සිල්වර් බෙයාර්) – බ්ලයින්ඩ් මැසේජ් (ලෝ යේ)

පැනොරාමා - ටෙඩි සම්මානය – ද වේ හි ලුක්ස් (ඩැනියෙල් බෙයිරෝ)

පළමු වෘත්තාන්ත චිත්‍රපටය – ජියුරෝස් (ඇලන්සෝ රුයිස්පාලසියස්)