වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




බීබර්ගෙන් තවත් කැත වැඩක්

බීබර්ගෙන් තවත් කැත වැඩක්

වංචා කිරීම ජස්ටින් බීබර්ගේ නවතම ගී පදය ද? කැතරින් ගැස්ඩාට සහ මෝස්තර නිරූපණ ශිල්පිනී චැන්ටල් ජෙෆ්‍රීස්ට ඔහු එකවර ආදරය කරනවාදැයි යන සැකය දැන් බොහෝ දෙනකුට මතු වී තිබේ. දහනව හැවිරිදි පොප් ගායකයාට දහඅට හැවිරිදි ගැස්ඩාව හඳුන්වා දෙන ලද්දේ බ්ලේක් කෙලී ඇතුළු මිතුරු මිතුරියන් පිරිසකි. ගැස්ඩා, බීබර් නිසා මවක වීමට අවශ්‍ය බව මිතුරු කැලට පවසා තිබේ. දෙදෙනා පසුගිය මාසයේ එකිනෙකාට තදින්ම ආදරය කර තිබේ. එහෙත් ඔවුන්ගේ ආදර සබඳතාව වරින් වර සුබ පැත්තටත් අසුබ පැත්තටත් දෝලනය වෙමින් පැවතිණි. දැන් ජස්ටින්ගේ ගති ගුණ ගැන නම් ගැස්ඩා කොහෙත්ම මනාප නැත. ඇය සැම විටම ජස්ටින් සුදු චරිතයක් සේ පෙන්වීමට නොගත් පියවරක් නැති තරම්ය. එහෙත් මත්ද්‍රව්‍ය සහ මධ්‍යසාර ගෙන රිය පැදවීම නිසා ජස්ටින් අත් අඩංගුවට ගනිද්දී ඔහුත් සමඟ සිට ඇත්තේ ජෙෆ්රීස්ය. විසි හැවිරිදි ජෙෆ්රි ගැන ජස්ටින්ගේ පවුලේ අය බියෙන් පසු වෙති. ඇය ගැන ඇත්තේ බරපතළ වාර්තාය.

මෑතකදී ජස්ටින්, පිරිමියකු නොකළ යුතු තවත් දෙයක් කළේය. ඔහු හිටපු පෙම්වතිය සෙලීනා ගෝමස්ගේ චරිතයට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් කළේ ආදරයට ද අවමානයක් වන අන්දමිනි. ඔහු කිසිදු අපහසුතාවක්, ලැජ්ජාවක් නැතිව සෙලීනාගේ පිරිසුදුභාවය නැති කළේ තමන් බව කියා සිටියේය. 2011 වසරේදී ඇය තමන් සමඟ නිවාඩුවක් ගත කිරීමට පෙලඹුණේ සබඳතාව වඩාත් සාර්ථක කිරීමට බව ද ඔහු පැවසුවේය.

අසභ්‍ය වීඩියෝ දර්ශනයක් සම්බන්ධව ද සුපිරි ගැටවර ගායකයා වරදකරුවකු වී සිටියි.