වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




රහසක් නැති රහසක්

රහසක් නැති රහසක්

අජේ දේව්ගන්, කාජල් නම් විශිෂ්ට රංගවේදිනිය රිදී තිරයෙන් උදුරාගෙන පහළොස් වසරක් ගත වී තිබේ. විවාහයෙන් පසු කාජල්ගේ රංගනයක් දැක ගත හැකි වූයේ සීමා සහිතවයි. එහෙත් අජේ දේව්ගන්ගේ සිනමා ගමනට නම් විවාහය කිසිසේත්ම බාධාවක් වූයේ නැත. පසුගියදා ඔවුන් සැමරුවේ පහළොස් වන විවාහ සංවත්සරයයි. 1999 වසරේ දී විවාහ පත් ඔවුන්ට නිසා සහ යුග් නමින් දූ පුතුන් දෙදෙනෙකි.

පහළොස් වැනි විවාහ සංවත්සරයේදී කවුරුත් විමසුවේ දෙදෙනාගේ විවාහයේ සාර්ථකත්වයේ රහසයි.

‘රහසක් කියන්න නම් දන්නේ නැහැ. ඒත් බොලිවුඩය කියන්නේ විවාහ ජීවිතය පවත්වාගෙන යාමට අසීරු තැනක් නොවෙයි. විවාහය පවත්වාගෙන යාමට එකිනෙකා කරන දේ අනුවයි පැවැත්ම ඇත්තේ. අනෙක් තැනැත්තාව සතුටු කිරීමට, වැදගත් හා ගෞරවනීය තැනක් දීමට උත්සාහ කළ යුතුයි.’ මේ සුබ අවස්ථාවේදී ඔහු මාධ්‍යයට පවසා තිබේ.

‘ඇක්ෂන් ජැක්සන්’ සහ ‘සිංහම් 2’ සිනමාපටවලින් ඉදිරියේදී අජේගේ රංගනයන් නැරැඹීමට ලැබෙනු ඇත.