වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 144

සිංහල සිනමා විස්තරය 144

ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා තිරගතවන චිත්‍රපට නාමාවලිය පසුගිය සති කිහිපය ඇතුළත නොවැලැක්විය හැකි කරුණු කිහිපයක් මත පළ නොවිණි. මේ සම්බන්ධව සරසවිය පාඨකයන් දැක්වූ උනන්දුව මවිත කරවන සුළු එකක් වෙයි. එබැවින් මෙම ලිපි මාලාව දෙසැම්බර් යළි නතර වූ තැන් පටන් එනම් 1985 වසරේ සිට යළි මෙලෙස පළවු ඇත.

චලිත රංගාලි

තිරගත වූ දිනය – 1985 මාර්තු 08

ඉදිරිපත් කිරීම – චලිත රංගාලි චිත්‍රපට

නිෂ්පාදනය – ගීතා කුමාරසිංහ, සනත් ගුණතිලක, ෆෙ‍්‍රඩී සිල්වා, ක්ලැරන්ස් විජේවර්ධන, ඇන්ටනට් ද සිල්වා, මර්සලින් එස්. පෙරේරා

අධ්‍යක්‍ෂණය සහ කැමරාකරණය – මර්සලින් එස්. පෙරේරා

කතාව - ඇන්ටනට් ද සිල්වා

දෙබස්, තිර රචනය – තිලක් ලක්‍ෂමන් සෙනෙවිරත්න

කැමරා සහාය – නිසාර් අස්මීන්, ඩී. එස්. පී. ගුණතිලක සංස්කරණය - සිරි කේ. විතාරණ

සංස්කරණ සහාය – උපාලි පියරත්න, චන්ද්‍රලාල් ද සිල්වා අංග රචනය - රෙජී ද සිල්වා

කලා අධ්‍යක්‍ෂණය සහ අංග රචනා සහාය – රංජිත් කහඳවල

ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්

රසායනාගාර කටයුතු - එස්. තිරුනාවුකරුසු, වී සිවදාසන්

සැකසුම – ලංකා චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය

ශබ්ද සහාය – ලයනල් ගුණරත්න, ඒ. සී. එම්. රියාස්, එම්. ඒ. ඒබ්‍රහම්, හෙන්රි අතපත්තු, මොහොමඩ් මසාර්

රසායනාගාර සහාය – ඇම්. රාමචන්ද්‍රන්, රන්දෙනි ජයවර්ධන, ඩේවිඩ්සන් සිල්වා, ආර්. ජොන්, පීටර් රේමන්

කාර්මික සහාය – මාකස් පෙරේරා, හෙන්රි පෙරේරා, ජනක විජේරත්න, උපාලි අලවත්තේගම, ඇන්. සේනාරත්න

උපකරණ සැපයීම - සමරසිංහ චිත්‍රපට, සවුන්ඩ් විෂන්

කොණ්ඩා මෝස්තර – පාලිත කුමාර්

දෙබස් පටිගත කිරීම - සෙන්ට් ජෝන් නාමාවලිය – විමල් නාවිමන

නිෂ්පාදන කළමනාකරණය – චන්ද්‍රලාල් ද සිල්වා සහාය උදය ද සිල්වා

නිෂ්පාදන කෘත්‍යාධිකාරී – ඇන්ටනට් ද සිල්වා

සංගීත අධ්‍යක්‍ෂණය සහ ගීත ප්‍රබන්ධය – ක්ලැරන්ස් විජේවර්ධන

නිශ්චල ඡායාරූප – බන්දුල යාපා

ගීත හා ගායන ශිල්පීන්
මුව පොව්වනේ – ඉන්ද්‍රාණි පෙරේරා
මල් කුමරියෝ මගේ – මරියසෙල් ගුණතිලක|
වෙස් මුහුණක් පලඳා ඔබ – ඉන්ද්‍රාණි පෙරේරා
රයි හඳයි) (මොකටද මට) - ෆෙ‍්‍රඩී සිල්වා
(ඔබ කවුදෝ මගෙ ලෝකයේ) - ක්ලැරන්ස් විජේවර්ධන, ඉන්ද්‍රාණි පෙරේරා

නළු නිළියන් - සනත් ගුණතිලක, ගීතා කුමාරසිංහ, ෆ්‍රෙඩී සිල්වා, බී. ඇස්. පෙරේරා, විජේරත්න වරකාගොඩ, නිහාල් ශි‍්‍රකාන්ත ගමගේ, රංජිත් ලාල් වීරසිංහ, රූබි ද මෙල්, රෝහිණී ජයකොඩි, ලිලියන් එදිරිසිංහ, අග්‍රා සජීවනී අල්විස්, පුෂ්පකාන්ති අක්මීමන, දමයන්ති අක්මීමන, කුමුදුමලී ද සිල්වා, රත්මලී ද සිල්වා, ස්වර්ණා සුබසිංහ, මාලා වීරතුංග, ලක්‍ෂමන් දිසානායක, අරවින්ද ගමගේ, මාක් නේව්, සමන්ති ලැනරෝල්, සුජාතා පරමානාදන්, හයසින්ත් විජේරත්න, චූලා නානායක්කාර, නාමලී ද සිල්වා, චමිලා පෙරේරා, ශලිනි එදිරිසිංහ, ශමාලි පෙරේරා, දයාසිරි ප්‍රනාන්දු, තිස්ස රොද්‍රිගෝ, චන්දන තලගල, දිලුම් පීරිස්.

අරලිය මල්

තිරගත වූ දිනය – 1985 මාර්තු

කතාව සහ නිෂ්පාදනය – එස්. කනපතිපිල්ලේ

දෙබස්, තිරනාටකය සහ අධ්‍යක්‍ෂණය – මූ. අරුක්ගොඩ

සහාය අධ්‍යක්‍ෂණය – ලයනල් පඬුවාවල

කැමරා අධ්‍යක්‍ෂණය - ජෝන් ජේ. යෝගරාජා

කැමරා සහාය – නිමල්සිරි, පත්මසිරි, ෂෙල්ටන්, එච්. මාටින්, ඇන්ටනි, එම්. ඇරෆින්, ඊ. ජෝශප්, කොස්තා

සංස්කරණය – කාලිංග ද සිල්වා

අංග රචනය - බෙනට් ජයතුංග

සහාය පත්මසිරි තලගල

කලා අධ්‍යක්‍ෂණය - ඇහැලියගොඩ සෝමතිලක

සහාය සුනිල් විජයරත්න

සටන් අධ්‍යක්‍ෂණය – ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු

නැටුම් අධ්‍යක්‍ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු

ශබ්ද පරිපාලන - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය – ඒ. සී. එම්. රියාස්, හෙන්රි අතපත්තු, උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, පූනලන්, ඩබ්ලිව්. පොඩිරත්න, සෝමරත්න පෙරේරා, පාලිත සිල්වා, පාලිත වානගුරු

රසායනාගාර කටයුතු - ඩිල් ප්‍රොසෙස්, ප්‍රසාද්

වර්ණ රසායනාගාරය – මදුරාසිය

සැකසුම – ලංකා චිත්‍රාගාරය, රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය

උපකරණ සැපයීම - සිනෙක්විප් සර්විසස්, දිසානායක

චිත්‍රපට නිශ්චල ඡායාරූප – අශෝක සේනාරත්න (කැන්ඩි ස්ටුඩියෝ)

නාමාවලිය – ඇහැලියගොඩ සෝමතිලක, සිරි කේ. විදානගේ

නිෂ්පාදන කළමනාකරණය – දයානන්ද වීරසිංහ, කරුණාදාස අතුරුගිරිය

ප්‍රචාරක කටයුතු - අශෝක ඩෙප්

නිෂ්පාදන සහාය – ඩබ්ලිව්. ඒ. වික්ටර්, ජස්ටින් පියතිස්ස

දළ සේයාපට සැකසුම - සිරි කේ. විතාරණ, ජේ. ඒ. විල්ප්‍රඩ් පෙරේරා

පුපුරණ ද්‍රව්‍ය සැපයුම – කරුණාදාස අතුරුගිරිය

පසුබිම් හඬ - රෝයි ජයවර්ධන

ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස්

දෙබස් පටිගත කිරීම – ලයනල් ගුණරත්න

විශේෂ දෘෂ්ටි ප්‍රයෝග - දිනේෂ් ප්‍රියසාද්

සංගීත අධ්‍යක්‍ෂණය – අර්නස්ට් සොයිසා

ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ

ගීත හා ගායන ශිලපීන් -
(ඉද්ද මල් කතාවේ) – එච්. ආර්. ජෝතිපාල, මායා දමයන්ති පෙරේරා
(කුරුල්ලෝ උඹේ තාලෙන් පියාඹන්න ආසයි) – මායා දමයන්ති පෙරේරා

නළු නිළියන් - සනත් ගුණතිලක, අනෝජා වීරසිංහ, සබීතා පෙරේරා, ෆෙ‍්‍රඩී සිල්වා, බන්දු මුණසිංහ, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, වින්සන්ට් වාස්, සොමී රත්නායක, රේක්ස් කොඩිප්පිලි, ධර්මසේන නානායක්කාර, ටී. එම්. සංඝදාස, ආරිය වික්‍රමසිංහ, ඇන්තනි බ්‍රවුන්, පි‍්‍රයංකර පෙරේරා, ආර්. එච්.රංජිත්, මාලා ලියනගේ.