වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




සිහින ලොවක් සමඟ

සිහින ලොවක් සමඟ
 

රංගන ශිල්පිනී සුමනා අමරසිංහ

අපේ අලුත්ම චිත්‍රපටය ‘සිහින ලොවක්’ චිත්‍රපටයේ වැඩකටයුතු සමග තමයි දැන් කාලය ගත කරන්නේ. අමෙරිකාවේදි තමයි එහි රූගත කිරීම් කටයුතු සිදු කළේ. ඒ වගේම එහි දෙවන කොටස සඳහාත් දැන්මම සූදානම් වෙනවා. ඒ වගේම මේ සතියේදී මගේ උපන්දිනයත් යෙදිලා තියෙනවානේ. ඒ නිසා හෙට තෑගිබෝග, කෑම වර්ග අරගෙන ළමා නිවාසයකට ගිහින් ඒ දරුවන් සමග සතුටින් ගත කරන්න බලාපොරොත්තු වෙනවා.

ඊට අමතරව ඉදිරි කාලය නම් රූපලාවන්‍ය ක්ෂේත්‍රය නිසාත් ටිකක් කාර්යබහුල වෙන්න සිදු වෙයි. දැනට අවුරුදු තිහක පමණ කාලයක සිට තමයි මම රූපලාවන්‍ය කටයුතුවල නිරත වෙලා ඉන්නේ. ඒ ගැනත් විශාල තෘප්තියක් හිතට දැනෙනවා.