වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




පැරණි හින්දි ගී එක්ක

පැරණි හින්දි ගී එක්ක
 

ගුවන්විදුලි නිවේදක

ජයන්ත පීරිස්

ඉදිරි වැඩකටයුතු කිහිපයක්ම නිසා මේ දවස් ටිකක් කාර්යබහුල වෙලා තියෙන්නේ. එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් යාපනයේ බක්මහ උළෙලක් සහ සංගීත ප්‍රසංගයක් සංවිධානය කරන්න නියමිතව තියෙනවා.

ඊට අමතරව වසර ගණනාවක් පුරා ගුවන්විදුලියෙන් මම ඉදිරිපත් කළ මතකයේ රැඳුන ගී වැඩසටහනේ රසික සංසදයෙන් වෙසක් උත්සවය වෙනුවෙන් බොදු ගී ප්‍රසංගයක් සහ පොසොන් උත්සවය වෙනුවෙන් බැති ගී ප්‍රසංගයකුත් ඉදිරිපත් කරන්නත් නියමිතයි. මගේ දෙමව්පියන් වෙනුවෙන් දානමය පුණ්‍ය කටයුත්තකුත් කරන්න සූදානම් වෙනවා.

ඒ වගේම පැරණි හින්දි ගී වැඩසටහනක් ඉදිරිපත් කරන්න ගුවන්විදුලි සංස්ථාවෙන් මට ආරාධනාවක් ලැබුණා. දැනට මා සතුව පැරණි හින්දි ගීත පන්දහසක් පමණ තියෙනවා. ඉතා සාර්ථකව මේ වැඩසටහන ඉදිරිපත් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා.