වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




සෙලීනාට පොලිස් ආරක්ෂාව

සෙලීනාට පොලිස් ආරක්ෂාව

ජනපි‍්‍රයත්වය කෙනකුගේ පෞද්ගලිකත්වය මරා දමන්නේ හුස්ම ගැනීමටවත් ඉඩක් ලබා නොදෙමිනි. ගායිකා සෙලීනා ගෝමස් ද ජනප්‍රියත්වය මහත් කරදරයක් වී ඇති යොවුන් ගායන තාරකාවකි. සෙලීනාට උමතු වූ රසිකයකු මහත් හිසරදයක් බවට පත් වී තිබේ. ඇයට මේ හිසරදයෙන් බේරීමට හැකි වී තිබෙන්නේ පොලිස් ආරක්ෂාව නිසයි.

ඇයගේ නිවෙසට බඩගාගෙන ඒමට උත්සාහ කළ රසිකයා දුටු නිවැසියන් 911 යන හදිසි ඇමැතුම් ඒකකයට කථාකර සිද්ධිය ගැන පවසා තිබේ. ඔහුට දින 120 ක දඬුවමක් නියමකර ඇති අතර නිදහස් වූ පසුව ද ඇයගේ නිවෙස ආසන්නයටවත් යාම තහනම්කර ඇත.