වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




අකිලට නළු නිළියන්

අකිලට නළු නිළියන්

අකිල සඳකැලුම් මේ දවස්වල චිත්‍රපටයකට තිරපිටපතක් සකසමින් සිටිනවා. එය ආදර කතාවක් බවයි දැනගන්නට ලැබෙන්නේ. ලංකාවේ අතිශය ජනපි‍්‍රය නළු නිළියන් රැසක් අකිලගේ මෙම සිනමාපටයේ රංගන දායකත්වය සැපයීමට නියමිතයි.

ඔවුන් සමඟ නවක නළු නිළියන් කිහිප දෙනෙකුද මෙමඟින් හඳුන්වා දීමට අකිල අපේක්‍ෂා කරනවා. ඒ සඳහා සම්මුඛ පරීක්‍ෂණයක් මෙම මස 22 වැනිදා බොරැල්ල සුදර්ශී ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.

වයස් බේදයකින් තොරව රංගනයට කැමැති අයට මෙයට පැමිණෙන්න යැයි අකිල ආරාධනා කර සිටිනවා. මෙම සිනමා පටය හර්ෂ උඩකන්දගේ අධ්‍යක්ෂණයකි.