වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




ඉටි රූපයක් වූ කත්‍රිනා

ඉටි රූපයක් වූ කත්‍රිනා

ඔවුන් සියල්ලම ඉටි රූප තමයි. එහෙත් මැඩම් ටු සෝඩ්ගේ කෞතුකාගාරයේ මීළඟ ඉටි රූපය වීමට යන්නේ කත්‍රිනා කායිෆ්ය. ජනතා මනාපයෙන් ලන්ඩනයේ මැඩම් ටූ සෝඩ්ගේ කාමරයට යෑමට කත්‍රිනා වරම් ලැබුවේ දීපිකා පදුකෝන් සහ ප්‍රියංකා චොප්රා පරදවමිනි. මේ අනුව අමිතාබ් බච්චන්, ෂාරුක් ඛාන්, රිතික් රෝෂන්, අයිශ්වර්යා රායි, මධුරි ඩික්සිත්, කරීනා කපූර්ගේ ඉටි රූප අතරට එක් වන්නේ කත්‍රිනා කායිෆ්ය.

මේ අතර රන්බීර් සමඟ පැවති සම්බන්ධය කත්‍රිනා ඊළඟ මට්ටමට ගෙන යාමට තීරණය කර ඇත. දැන් දෙදෙනා ජීවත් වන්නේ එකටය.