වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




නිකොල්ට දරු සම්පත්

නිකොල්ට දරු සම්පත්

දරුවන් ලෝකයට සම්පතක්. මේ දිනවල දරු සිහිනය මවන්නේ ජනප්‍රිය හොලිවුඩ් නිළි නිකොල් කිඩ්මන්. හැම මාසයකදීම ඇය ගර්භණීභාවය පිළිබඳ වූ පරීක්ෂණ සිදුකරනවාලු. “මට තවත් දරුවෙක් ලැබුණොතින් මම සතුටින් උඩ පනිනවා. ඒත් මට දැන් වයස අවුරුදු 47ක්. ඒ නිසා දැන් ඒ බලාපොරොත්තුව ඉටු වෙන එකක් නැහැ කියලත් හිතෙනවා. මගේ සැමියාත් තවත් දරුවෙක් බලාපොරොත්තු වෙනවා. ඒත් එයා සතුටින් උඩ පනින එකක් නම් නැහැ” ඇය අන්තර්ජාලයේ සඳහන් කර තිබුණා. ඇයගේ ආචිචි අම්මා නම් අවසන් දරුවා බිහි කර තිබුණේ වයස අවුරුදු 49දීයි.

නිකොල් කිඩ්මන් දැන් දරුවන් සිව්දෙනෙකුගේ මවක්. ඇයට ටොම් කෲස් සමගින් වූ පෙර විවාහයෙන් දරුවන් දෙදෙනෙකු සහ කීත් අර්බන් සමගින් වූ දෙවැනි විවාහයෙන් දරුවන් දෙදෙනෙකු සිටිනවා.