පිස්සු ද නැත්නම් හැටිද ?
පිස්සු ද නැත්නම් හැටිද ?
හොලිවුඩ් නිළි ඇමෙන්ඩා බයින්ස් මීට ටික කාලයකට පෙර දරුණු ප්‍රකාශයක් කළා. ඒ ඇයගේ
පියා විසින් ඇය කුඩා කාලයේදී අපහරණයට ලක් කළ බවයි. ඒ වුණත් එයින් පසු දිනකදී ඇය
ප්‍රකාශ කළේ එය වැරදි කතාවක් බවත් තමන්ගේ මොළයේ දත්ත කිසිවෙකු විසින් වෙනස් කර ඇති
නිසා එවැනි ප්‍රකාශයක් කරන්නට ඇති බවයි.
“මගේ මොළයට සවි කළ මයික්‍රෝ චිප් එකක් නිසායි එහෙම වුණේ. මගේ තාත්තා තමයි ඒ
මයික්‍රෝ චිප් එක සවි කළේ” ඇමෙන්ඩා පවසනවා. මේ නිසා ඇයගේ පවුලේ අය හිතන්නේ ඇය
මානසික රෝගයකින් පෙළෙන බවයි.
|