වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




ෂාරුක්ගේ බාල පුතු සිනමාවට

ෂාරුක්ගේ බාල පුතු සිනමාවට

ඔක්තෝබර් 24 වැනි දිනට ‘සුබ නව වසරක්’ (හැපි නිව් ඉයර්) උදා වෙයි. එය තවත් සුබ වන්නේ සිනමාපටයේ ප්‍රධාන නළු ෂාරුක් ඛාන්ගේ මෙතෙක් දක්නට නොලැබුණු බාලම පුතු ඒබ්‍රහම්, මව (ෂාරුක් බිරිය) ගෞරී ඛාන් සමඟ කෙටි රංගනයකට ඉදිරිපත්වීමයි. මුලදී මෙවැනි කෙටි රංගනයක් යොදා ගැනීමට අදහසක් තිබී නැත. ගෞරීට ආරාධනාව ලැබී ඇත්තේ අධ්‍යක්ෂිකා ෆාරා ඛාන්ගෙන් සහ ෂාරුක්ගෙනි.

ෂාරුක්ගේ වැඩිමල් පුතු ආර්යන් ද වයස අවුරුදු දෙකහමාරේදී මෙලෙසින්ම සිනමාපටයක කෙටි රංගනයකට පෙනී සිට ඇත.

හැපි නිව් ඉයර් ප්‍රධාන තාරකාව කවදත් ෂාරුක්ට වාසනාව ගෙනෙන දීපිකා පදුකෝන්ය.

ඒබ්‍රහම් සිනමාපටයට වාසනාව රැගෙන එන බව නම් නිසැකය.

තම පුංචි පුතු මාධ්‍යයෙන් කලක් සඟවා ගෙන සිටියත් පසුගිය හජ්ජි දිනයේදී ඔහු පුතුගේ ඡායාරූපයක් ට්විටර් වෙබ් අඩවියට මුදා හැරියේය.