වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




සෝමේ නැවතත් ටෙලි නාට්‍යකරණයට

සෝමේ නැවතත් ටෙලි නාට්‍යකරණයට

ජන සංගීත ගීත එකතුවක්

මං ආයේ චිත්‍රපට කරන්නෙ නැහැ කොපි තිස්පහේ සීමාව තියනකම්.

ආචාර්ය සෝමරත්න දිසානායක කලකිරීමෙන් අප ඇමතීය.

දිගටම?

ඔව්, හැබැයි තිස්පහේ සීමාව ඉවත් වුණ ගමන් ආයෙ නිර්මාණකරණයේ යෙදෙනවා.

එතකම්?

කලාකරුවකු ලෙස මට නිකම් ඉන්න බැහැනේ. ඒ හින්දා ටෙලි නාට්‍යයක් අධ්‍යක්‍ෂණය කරන්න හිතුවා. මේ වනවිට මා ගාව සිනමා තිරනාටක පහක් තියෙනවා. ඉන් දෙකක් ටෙලි නාට්‍යවලට උචිත අන්දමින් පරිවර්තනය කරමින් ඉන්නවා. බොහෝ විට දෙසැම්බරයේ ටෙලි නාට්‍යය ආරම්භ වේවි. සිරි පැරකුම් චිත්‍රපටයේ ප්‍රමුදිත උදය කුමාර විතරයි දැනට තෝරාගෙන ඉන්නෙ. ඉතුරු නළු නිළියන් කවුද කියලා ඉදිරියේදී කියන්නම්.

මෙයට අමතරව සෝමෙ අයියා ලියපු ගීත ඇතුළත් සංයුක්ත තැටියක් එළිදක්වනවා කියලා ආරංචියි?

ඔව්, ඒක ජන සංගීත නාදරටා ඇතුළත් සම්භාව්‍ය ගීත එකතුවක් ආචාර්ය වික්ටර් රත්නායක, ටී. එම්. ජයරත්න, විශාරද එඩ්වඩ් ජයකොඩි, නීලා වික්‍රමසිංහ, දීපිකා පි‍්‍රයදර්ශනී, නිරෝෂා විරාජිනී, චරිතා පි‍්‍රයදර්ශනී, ප්‍රදීපා ධර්මදාස, හර්ෂණ දිසානායක, නෙලූ අධිකාරී එහි ගීත ගයලා තියෙනවා. ආචාර්ය වික්ටර් රත්නායක, ආචාර්ය රෝහණ වීරසිංහ, රෝහණ බැද්දගේ, එඩ්වඩ් ජයකොඩි, සුනිල් දයානන්ද කෝනාර, සමන් පනාපිටිය, සහන් රන්වල එහි සංගීත අධ්‍යක්‍ෂවරුන්.