මම සිංහයාට... නංගියේ
මම
සිංහයාට...
නංගියේ
කොයි කවුරුත් සිංහයාට කියන්නේ කැළේ රජා කියලානේ. ඒ වුණත් නේල් නම් වූ සිංහයා නම්
අමෙරිකානු නිළි මෙලනි ග්‍රිෆිත්ගේ සුරතලා බවටයි පත් වුණේ. හැත්තෑව දශකයේ මුල්
භාගයේදී තමයි මේ සිංහ පැටියා ඇයගේ නිවෙසට ගෙනවිත් තියෙන්නේ. රංගන ශිල්පිනියක වූ ඇගේ
මව ටිපී හේඩ්න් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු බාප්පා (නොඑල් මාෂල්) ඇල්ෆ්‍රඩ්
හිච්කොක්ගේ The Birds චිත්‍රපටයට දායක වෙන්න අප්‍රිකාවට ගිය අවස්ථාවේදියි මේ සිංහ
පැටියා කැලිෆෝනියාවේ පිහිටි නිවෙසට ගෙනවිත් තියෙන්නේ. ඒ චිත්‍රපටයක් සඳහායි.
නේල් මෙලනිගේ නිවෙසට පැමිණෙන විට ඇයගේ වයස අවුරුදු 14ක්. එදා සිට ඇයගේ සුරතලා බවට
පත් වෙලා තියෙන්නේ නේල්්. මෙලනි සෙල්ලම් කරනවා වගේම මේ සිංහ සුරතලා සමගින් නිදා
ගන්නත් පුරුදු වෙලා. මෙලනිගෙත් නේල්ගේත් ඡායාරූප එදා ඡායාරූප ශිල්පී මයිකල් රොජර්ගේ
කැමරාවේ සටහන් වුණා. අප්‍රිකාවේ සිංහයක් සුරකින මධ්‍යස්ථානයකින් මෙලනිගේ නිවෙසට ගෙන
ආ නේල් සමගින් 1981 වසරේදී ඇයගේ බාප්පා අධචප නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. එහි
නේල් සමගින් මෙලනි, ඇයගේ අම්මා ටිපී සහ බාප්පා නොඑල් මාෂල් රංගනයෙන් දායක වුණා. වසර
ගණනකට පසුව මෙලනි මේ මතකය ලොව වටා ඇයගේ රසික රසිකාවන් සමග බෙදා ගත්තේ එදා මයිකල්
රොජර් ගත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීමෙන්.
|