වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




F E E D B A C K

F E E D B A C K

වාරණයකින් තොරව ප්‍රතිචාර එවන්න www.sarasaviya.lk  ක්ෂණීක ප්‍රතිචාර 0752805047අංකයට කෙටි පණිවුඩ ලෙසින් ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 ලිපිනයට තැපැල් හෝ සටහන් පත් මඟින් ප්‍රතිචාර එවිය හැකිය.
 

තන්හා රතී රඟා අපට කීර්තියක්

තන්හා රතී රඟා ජාත්‍යන්තරයට යාම ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දෙන්නකි.

වියානි ගුණවර්ධන

ශීලා වැන්ඩර්ලන්

වෙන්නප්පුව

පල්ලිය පාර

බොදු ගී ඉල්ලීම් ප්‍රචාරය කරන්න

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවය මඟින් පසළොස්වක පොහොය දිනට අසන්නන්ගේ බොදු ගී ඉල්ලීම් තීරයක් ප්‍රචාරය කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.

මැණිකේ විල්වල

කෑගල්ල

තටාකය පාර

කුමක් කරන්නද ජයලලිතා

රාමචන්ද්‍රන් එක්ක ඉන්න කොට නිළි රැජනක්, දැන් හම රැලි ගැහැණු සිරකාරියක්. අනේ! ජයලලිතා, කුමක් කරන්නද? පැමිණෙන කළ දුක ඒවි එක පිට. කළ කම් ද පළදේවි.

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල

කොටුගොඩ

නිහාල් නෙල්සන් නමින් මාවතක් නම් කරමු ද?

කිරි දුන්නේ දරුවන්ටයි, පහල ගඟට ඔරු පදින්න, කරුණා සුවඳ තවරාලු වැනි අතිශයින් ජනප්‍රිය ගීත ශ්‍රාවකයින්ට දායාද කළ නිහාල් නෙල්සන් වෙනුවෙන් මාවතක් නම් කොට ඔහුව අගය කිරීමට ලක් කරන්නේ නම් අගේ කොට සලකමි. ඔහු වඩාත් ජනප්‍රිය වුණේ ගුණෙ අයියගෙ කාමරේ, කාවඩි බයිලා, ඇරපං කරාමෙ වැනි වේග රිදමයේ ගීත වලිනි. හිත හොඳ කලාකරුවන් අතර ඔහු අංක එකේ සිටියි.

රවින්ද්‍රලාල් අතුකෝරාළ

පිටකෝට්ටේ

හින්දි,දමිළ එපා වෙන්නේ නෑ

රූපවාහිනී නාලිකාවල විටින් විට තිරගත වන සිංහල චිත්‍රපට බලන විට ලැබෙන්නේ එක්තරා විදියක සතුටක් සහ වින්දනයක් පමණි. එහෙත් හින්දි සහ දමිළ චිත්‍රපට කොතෙක් බැලුවත් එපා වෙන්නේ නැහැ. ඒ ඔවුන් එම චිත්‍රපට දැඩි කැපවීමකින් නිර්මාණය කර ඇති නිසායි මට හිතෙන්නේ.

මිල්ටන් ප්‍රනාන්දු

මිනෙරෝ

උතුරු මූදුකටුව

ලක්හඬට ප්‍රණාමය

ලක්හඬ ගුවන් විදුලි නාලිකාව තුළින් සෑම දිනකම අප හදවත් තුළට ළං කරන්නා වූ සිත නිවන බොදු බණ සේම සෑම දිනක මෙහෙවර අවසානයේ විඩාබර වූ සිත් පහන් කරවමින් ගෙන එන රැයේ ඇසෙන ගී තුළින් ද අප සිත් පහන් කරවයි. එයට ලක්හඬ සහෘද ශ්‍රාවක සැම දෙනා වෙනුවෙන් මහද ප්‍රණාමය.

වසන්තා නාමලී ගංගොඩගම

අහංගම

මිදිගම

හීන ඇහිදින යාළුවෝ රසාලිප්ත වැඩසටහනක්

සතියේ සෑම ඉරිදා දිනකම රාත්‍රී හතට දෙරණ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වන හීන ඇහිදින යාළුවෝ උපුල් ශාන්ත සන්නස්ගල සමඟ සංගීත වැඩසටහන දෙස් විදෙස් සංගීතඥයන්ගේ පිරිපුන් කලකින් නොඇසූ විචිත්‍රවත් රසාලිප්ත වැඩසටහනකි.

දශක ගණනාවක් අප සිත්සතන් පින වූ ගීතවල සැඟවුණ අරුත් මතු කරමින් තම ගැටවර වියේදී මුහුණ දුන් අත්දැකීම් සමඟ මුසු කරමින් රමණීය වූ වදන් පෙළකින් සන්නස්ගල මෙම ගීත ගැන නැවත සිතන්නට අප තරුණ වැඩිහිටි සිත් පොළඹවන්නේ හෘදයාංගම ලෙසටය.

සහෘද අප සිත් සතන් තුළ කාලාන්තරයක් තිස්සේ ගොඩ නැඟුණ සැබෑ වුණ සිහින ඇත. ඒ සිහින සිහින ලෙසින්ම තිබීම චමත්කාරජනකය. එවායේ විශේෂිත වූ සුවඳක් තැවරී ඇත. ඒ සුවඳ තැවරුණ ගීත මඟින් පුරා පැය දෙකක් සන්නස්ගලයන් අපව සොඳුරු ඉසව්වක් කරා සෞන්දර්ය චාරිකාවක කැඳවාගෙන යයි. ඔහු මෙම සංගීතමය වැඩසටහනින් හෘදයාංගමව විවෘත කරදෙන සෞන්දර්යාත්මක කවුළුව තුළින් බලන අපට දැනෙන දර්ශනය මනස්කාන්තය.

අයි. වී. මහීපාල

පිළියන්දල

නිකලස්ට ඉක්මන් සුව

සම්මානනීය තිර නාටක සහ ගීත රචක කේ. ඩී. නිකලස් කලාකරුවාණනි, ඔබට ඉක්මන් සුවය සියලු දෙය රැකවරණින් ලැබේවා.

විජයානන්ද පොඩි නිලමේ

නුගේගොඩ

නාලන්දාරාම පාර

 

S.M.S

පුරා දශක හයකට වඩා වැඩි ඉතිහාසයක් ඇති අවිස්සාවේල්ල එම්පීරියල් සිනමා ශාලාව පසුගියදා වැසී ගියේය. ඒ පිළිබඳ ඇති වූ කනගාටුව කියා නිම කළ නොහැකිය.

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව

ලහිරු ප්‍රභාත් අයියේ, ඔයාගේ මගේ රත්තරනේ සිංදුව නම් ගොඩක් ලස්සනයි. මම ඔයාගේ කටහඬට වශීවෙලයි ඉන්නේ.

අචිනි

අම්බලන්ගොඩ

මම ප්‍රදීප් රංගන අයියට ගොඩක් ආදරෙයි. එයාගේ අලුත් ගීතය මාව ඇඳ බැඳ තබා ගත්තා.

අසංගිකා

කුරුණෑගල

රොෂාන් රණවනගෙන් පසු ලංකාවේ හොඳ නළුවකු මා නුදුටුවෙමු. ඇත්තටම අපේ රටේ නළුවන් මෙතරම් හිඟ වුණේ ඇයි.

වසන්තා නිමන්ති

ආරච්චිකට්ටුව

වෙද හාමිනේ, දඬුබස්නාමානය වැනි ටෙලි නිර්මාණ නැවත බිහි කර, කොරියානු ටෙලි නාට්‍ය ආක්‍රමණයන්ගෙන් අප රට බේරා ගෙන ලංකාවේ ටෙලි නාට්‍ය කලාව නැවත ගොඩ නඟන මෙන් ජයන්ත චන්ද්‍රසිරි මහතාගන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

අරවින්ද

රත්නපුර

ෂා එෆ් එම් එකේ ෂා හැන්දෑව කරන කෙවින්ගේ කතාව වැඩියි. සිංදු අඩුයි.

රමේෂ්

දඹුල්ල

සුවහසක් රසික රසිකාවන්ගේ හද දිනූ සුමනා නැන්දේ, ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමි.

චලනි

අවිස්සාවේල්ල

අප රටේ නැවුම් සිනමාපට බිහි නොවීමට ප්‍රධාන හේතුව ලෙස මං දකින්නේ ගුණාත්මක පිටපත් රචකයො නොමැතිවීම. ඒත් එක්කම මානව හිතවාදී කලාකරුවෝ ලංකාවේ දැන් අඩුයි. සිනමාවට එවන් වූ කලාකරුවන් අත්‍යවශයයි. ඉහත කරුණු සම්පූර්ණ වෙනවා නම් අරුත්බර නිර්මාණ බිහිවේවි.

ඉඳුනිල්

පානකඩුව

එදා ගායකයින්ට තමන්ගේම වූ හඬක් තිබුණා. රුව නැතත් හඬ ඇසූ සැනින් කියන්න පුළුවන් ගායකයා. නමුත් අද තියෙන හඬවල් ඔක්කොම එක වගේ.

අතුල රම්‍යසිරි

පානදුර

ලක්හඬ ගුවන් විදුලියේ ජෝති රාත්‍රියට හඬ මුසු කරමින් සතියේ සෑම දිනකම රාත්‍රියේ අප ඇමතූ ආදරණීය හඬ මේකලා, ඔබ නිහඬව සිටීම අපට ගැටලුවකි.

සමන් ගාල්ලගේ

කැටපළ

පාරාවළලු ඩ්‍රාමා එකේ කිත්සිරිගේ චරිතය රඟපාන නළුවා සර්ථකව රඟපානවා. එම රංගන ශිල්පියා කවුරු වුණත් මම ඔහුට සුබ පතනවා.

චාන්දනී

අත්තිඩිය

වසන්ති රන්වලව හුඟ කාලෙකින් දැක්කේ නැහැ. ඇය කලාවෙන් ඉවත් වෙලාද. විජය කුවේණි සිනමාපටයෙන් පස්සේ කොහේ ගිහින්ද මන්දා.

අහිංසා

වත්තල

ඇත්තටම කොරියානු කතාවලින් ගන්න දෙයක් තියෙනවා. ඒ මුල මැද අග සහිත නිර්මාණයක් කරන්නේ කෙසේද යන්න.

නිමල්

කරුවලගස්වැව

අමරදේවයන් ඉතා මෑතකදී ගැයූ ගිමන් හරින දියඹ දිගේ ගීතය ඇහෙද්දී අලුත් ගීත ඔක්කොම යටපත් වුණා.

වින්ද්‍යා

රාගම

ආදර දෑසක් ටෙලි නාට්‍ය හොඳයි. නමුත් ඇදෙනවා වැඩියි. ඒක හරියට සංස්කරණය කළා නම් කොටස් තිහක් විතර තමයි ඉතුරු වෙන්නේ.

හේමන්ත

නවගම්පුර

මා ඇසූ හොඳම විරහ ගීතය ජෝතිපාලයන්ගේ පණ වාගෙ හිටියාට. එය තරම් හැඟිම්බරව ඇසුණු වෙනත් ගීතයක් නැති තරම්.

අජිත් විමලසේන

කළුතර දකුණ

බහුබුතයෝ අංක දෙක බහුබූතයෝ තරම්ම ජනප්‍රිය වේවි. උදයකාන්ත මහත්මයට තුති පුදනවා එවන් වූ චිත්‍රපටයක් තැනීම පිළිබඳව.

රුසිත්

වෑබඩ

ජෙහාන් ශ්‍රීකාන්ත් අප්පුහාමි කියන්නේ නව පරපුරේ ඉන්න දක්ෂ නළුවෙක්. ඔහුට හොඳ හැකියාවක් තියෙනවා. ජෙහාන්ට ගැමි චරිතයක් දෙනවා නම් හොඳට කරයි.

නිශාන්ති

මාකඳුර

ප්‍රවේගය චිත්‍රපටය ඇයි පමා.

රයිමි

කොළඹ 14

මම දැකපු ලස්සනම නිළිය තමයි උදාරි අක්කි. එයා කොයි විදිහට හිටියත් ලස්සනයි.

ෆාතිමා

වැලිගම

මහේෂ් රත්සර මද්දුමආරච්චි මහත්තයො, ආයෙත් පුංචි වලව්ව වැනි නාට්‍යයක් රචනා කරන්න.

කිත්සිරි

රුවන්වැල්ල

සුජාතා පුංචි තිරයට සුජාත වූ නැවුම් ටෙලි නාට්‍යකි. හැමදාම මා එය නරඹන්නේ එහි ඇති සුන්දරත්ය නිසාමය.

එරංග

අවිස්සාවේල්ල

දැන් රිදී තිරයේ වීරයත් නැහැ, කොල්ලත් නැහැ. ඉන්නෙ ඔක්කොම ජෝකර්ලා පමණයි.

කීර්තිනාත්

කතරගම

රෝහණ බැද්දගේගෙන් පසුව අපිට ජන සංගීතය හදාරන්න කෙනෙක් කෝ. නව පරපුරේ අය ජන සංගීතය කනවා මිසක් ඉදිරියට ගෙනි යන්නේ නැහැ.

වීරමන්

අලුත්ගම

ඉන්දියානු නාට්‍ය දැන් අපට තිත්ත වෙලා. ගෙදර වැඩත් පාලු වෙනවා ඒවා බලන්න ගියාම.

ලක්මාලි

වරකපොළ