|
||
දුලීකයි නන්දනයි හරිහරියට ඔංචිලි පදියි
කටට දාපු සම්බෝල අහුරට කවුද කොච්චි දාලා නයාගේ විෂ දත් පරික්ෂාවට උමයංගනත් එක්වෙයි
ඇයගේ කෑගැසිල්ලට එම කුඩා නිවස දෙවනත්වන්නට ඇත. (අම්මේ..... අම්මේ..... අනේ මගෙ මූණට මොනවද වෙලා) ඇයගේ විලාපය තවමත් අඩුවක් නැතිව අපට ඇසෙයි. (ඇතුළට ගිහින් බැලුවොත් නරකද? මගෙ සිත මගෙන්ම අසයි.) ගෙදර කවුද? මැදිවියේ කතක් මගේ හිසේ සිට පාදාන්තය දක්වා බැල්මක් හෙලීය. කවුද මේ? අපි පත්තරෙන්. අහ්...... එන්නකෝ එන්නකෝ ඇය එවර සුහදශීලී විය. ගැහැනු කෙනෙක් කෑගහනවා ඇහුණා. ඒකයි බලන්න ආවේ. ඇයි ඇයි මමයි කෑගැහැව්වේ. මොකද මාව උස්සගෙන යන්නද ආවේ. කාමරෙන් පිටතට පැමිණි අයකු මගේ ඇඟට ගොඩවිය. මම අඩියක් පිටුපසට ගියෙමි. හත්දෙයියනේ මේ දුලීකා අක්කා ඔව් ඔව් දුලීකා මාරපන තමයි. ඇයි මීට කලින් දැකලා නැද්ද?. හැබැයි දැන් මං වෛජයන්ති. ඇගේ සැර පරුෂභාවය අඩුවක් නැත. වෛජයන්ති කියන්නේ කවුද?. එයා ඉන්නේ සිහින ටවුමේ. සිහින ටවුමේ? ඒ කොහේද ඔයා මේ ඇවිත් ඉන්නේ එහෙට තමා. නිමල් රත්නායක සිහින ටවුමේ ඩිරෙක්ටර්,විනෝජා නිලන්ති තමයි සිහින ටවුමේ සල්ලිකාරි. එහෙමත් නැතිනම් නිෂ්පාදිකාව. දැන්නේ මට තේරුණේ. කෝ නිමල් අයියා? මම වටපිට නිරීක්ෂණය කළෙමි. නිමල් අයියා පෙනෙන්නට නැත. එයාව හොයන්න කලින් යමුකො කුස්සියට. නළුවෝ සම්බෝල හදනවා දැකලා තියනවද?. සිහින ටවුමේ කලා අධ්යක්ෂ ප්‍රිහාන් අනුර ශ්‍රී මාව ඇදගෙන ගියේ කුස්සියට. මිටි මහත පුද්ගලයකු පොල් සම්බෝලයක් අඹරමින් සිටියි. එන්න මල්ලි කන්න. කාලා බලලා රස කියන්න. මේවා ප්‍රියන්ත සෙනෙවිරත්න අඹරපු සම්බෝල. ඔහුව දුටු මට බකස්ගා සිනහා ගියේය. ප්‍රියන්ත අයියා දැන් කුස්සියෙත් වැඩ? බලන්නකෝ මල්ලි මට වෙච්ච දේ. සිහින ටවුම ටෙලි නාට්‍යය නිසා මටත් කුස්සියේ වැඩ කරන්න වුණානේ. ප්‍රියන්ත දිගටම සම්බෝලය හදයි. නිමල් රත්නායක පැමිණ ඔහුට උපදෙස් දී දර්ශනයක් රූගත කිරීමට පටන්ගත්හ. ප්‍රියන්තට තිබුණේ හද හදා හිටපු සම්බෝලයෙන් අහුරක් කටේ දමා ගන්නටය. ඔහු එය ඉතා සාර්ථක ලෙස සිදුකරන ලදී. එසැනින් ප්‍රියන්ත දුවගොස් නතරවූයේ වතුර පයිප්පයක් අසලය. ඔහු මුව පුරා වතුර පුරෝගෙන බීගෙන බීගෙන ගියේය. ඇයි ප්‍රියන්ත අයියේ? මොකෝ අවුල. කවුරු හරි මේකට කොච්චි මිරිස් දාලා. කවුද එහෙම කළේ? හපොයි මගේ කට? ප්‍රියන්ත එසේ මොරදෙද්දී කිහිපදෙනෙකු හොරගල් අහුලනු පෙනින. නිමල් මහත්තයෝ අර නයා ගෙනාවා?. සහාය කලා අධ්‍යක්ෂක හර්ෂ කීවේ හැමෝටම ඇසෙන්නටය. නයාගේ විස දත් ගලවලා ද දන්නේ නැහැ. කොහේදෝ සිට පැමිණි උමයංගනා වික්‍රමසිංහ මුමුනයි. අපෝ බයවෙන්න එපා. දත් ගලවලා නැතිනම් අපි දත් ගලවමු. සඳුන් සිනාසෙමින් කීය. දැන් සියල්ලන්ගේ අවධානය නයා ගැනය. හෙන්ඩ්රිකස් හාමු එක්ක නේද නයාට රංගපාන්න තියෙන්නේ. කෝමේ හෙන්ඩ්රිකස් හාමු? සහාය අධ්‍යක්ෂකවරයා හොයන්නේ ගාමිණී හෙට්ටිආරච්චිවය. මං මේ නයෙක් එක්ක රඟපානවාමයි. ගාමිණී නිදිගැට කඩමින් අත්දෙක වනවනා කැමරාව ඉදිරියට ආවේය. බුදු අම්මෝ මේකගේ ලොකු ගාමිණී වික්ෂිප්ත විය. දැන් නිෂ්පාදන කණ්ඩායම ම නයාට ඕන විදිහට කැමරාව හසුරවන්නට සූදානමිනි. ඇතැම් අය බියට පත්ව සිටියි.
අර බලන්න ඉර ගිරවිගේ පැටියෝ තුෂ්නිම්භූත වූ පිරිස අතරට ඉතාම ළයාන්විතව කවුදෝ ඔන්චිලිවාරම් කියනු ඇසින. නයා කෙරෙහි තිබුණු අවධානය බිඳිගොස් අප හැමෝගෙම ඇස් යොමුවූයේ එදෙසය. වත්තේ කෙරවලක බැඳ තිබූ ඔන්චිල්ලාවක නැඟී දුලීකා කිසිදු ගාණක් නැතිව පොඩි එකෙකු මෙන් ඔන්චිලි පදියි. ඔහොම ඉන්න. මාත් එනවා. කොමඩි ස්ටාර් වු නන්දන හෙට්ටිආරච්චි ඇය සමීපයට දිව්වේය. දුලීකා සහ නන්දන ඔන්චිලි පදින හැටි අප ඡායාරූප ශිල්පී මාලන් කරුණාරත්න සිය කාචයට නතු කරගන්නා ලදී. මෙවන් සුන්දර සිදුවීම් රැසක් මැද සිහින ටවුම සෑදෙන අයුරු අපූරුය. එතැනින් සමුගන්නට සිතක් නැතිව අප තවත් මොහොතක් එතන රැඳුනෙමු. තව නොබෝ දිනකින් පුංචිතිරයේ දිග හැරෙන සිහින ටවුම නෙත්සිත් ඇඳබැඳ තබාගනු ඇතැයි නිසැකවම කිවහැකිය.
සිහින ටවුම රංගනයෙන් හැඩකරන්නේ ගාමිණී හෙට්ටිආරච්චි ප්‍රියන්ත සෙනෙවිරත්න, ආනන්ද වික්‍රමගේ, සඳුන් විජේසිරි, කුමාර තිරිමාදුර, දුලීකා මාරපන, චතුර පෙරේරා, සජීව මල්මාලආරච්චි, නන්දන හෙට්ටිආරච්චි, උමයංගනා වික්‍රමසිංහ, උදයන්ති කුලතුංග, විනෝජා නිලන්ති, ලක්මා වීරසේකර, මහේෂ් උයන්වත්ත, ශෂිකා විජේසිංහ, සුජීව ප්‍රියාල්, කුමුදු නිලවීර
කැමරාව - පී.කේ.ලෙනාඩ්
|
||