වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




කත්‍රිනාගේ මාපියන් සොයා රන්බීර් එංගලන්තයට

කත්‍රිනාගේ මාපියන් සොයා රන්බීර් එංගලන්තයට

හිසේ කෙස් ගණනට පෙම්වතියන් සිටියත් කත්‍රිනා කායිෆ් සමඟ රන්බීර්ගේ ඇති ප්‍රේමය ඒ සියල්ලටම වඩා වෙනස් බව රහසක් නොවෙයි. මේ සෙල්ලක්කාර තරුණයා කත්‍රිනාගේ මාපියන් මුණ ගැසීමට එංගලන්තයට ගියේ ඒ නිසයි. කෝෂියාවල ‘තමාෂා’ රූගත කිරිමෙන් පසු රන්බීර් ගොස් ඇත්තේ මව සමඟයි.

 ‘කොෆි විත් කරන්’ රූපවාහිනී වැඩ සටහනකදී ද රන්බීර්ගේ අනාගත මනාළිය ගැන ඉඟියක් කර තිබේ. ඊළඟ වැඩ සටහනේදී ඔහු සබඳතාව ගැන කථා කරන්නේ විවාහ ගිවිස ගැනීමෙන් පසුව බව ද දන්වා ඇත.

‘ජග්ගා ජසූස්’ සිනමාපටයේ රූගත කිරීම් සමඟ දෙදෙනාම අනාගතයේදී කාර්යය බහුල වනු ඇත. සිනමාපටය ප්‍රදර්ශනය වන කාලයේදී කත්‍රිනා කායිෆ්, කත්‍රිනා කපූර් බවට පත්වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති.