එකට වාසේ නැතත් ළඟම වාසේ
එකට
වාසේ නැතත්
ළඟම
වාසේ
මේ දිනවල රිතික් සහ සුසේන් ගැන විවිධ කථා පැතිරෙන්නේ ලැව් ගින්නකටත් වඩා ඉක්මනිනි.
පසුගිය සතියේ රුපියල් කෝටි හාරසියයක වන්දි මුදලක් ගැන රාවයක් පැවතුණි. එහෙත් එය
මුසාවකි. මේ ආරංචිය නම් රාවයක් නොවෙයි.
රිතික්, සුසේන් දෙදෙනා වෙන් වුවත් දෙදෙනාගේම ඇතැම් දේට ඇති මනාපයන් නම් අමනාප නොවන
සේය. යුවළ වෙන් වෙන් වශයෙන් පූනේවල නිවාස සංකීර්ණයක් බැලීමට ගොස් තිබේ. සුසේන්
දැනටමත් සුඛෝපභෝගී නිවෙසක් මිල දී ගෙන ඇති අතර, රිතික් ද නිවෙසක් මිල දී ගැනීමට
නියමිතය. එකට වාසේ නැති වුව ද, ළඟම වාසේ සුදුසුයි කියා රිතික්ට සිතුණා ද?
චම්පිකා දීපානි රණසිංහ
|