|
නවතාලිය නොහැකි කාන්චි (KANCHI) හින්දි සිනමාවේ නවමං සොයා යන ජනපි‍්‍රය චිත්‍රපට අධ්යක්ෂ සුභාෂ් ගයි විසින් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය කාන්චි නම් වෙයි. එය සංගීතමය ක්‍රියාදාම සහ යොවුන් ආදර කතාවකි. කාන්චි ගැමි යුවතියකි. අහිංසක ගැමි යුවතියක් අසාධාරණයට එරෙහිව නැගී සිටින අන්දම මෙහි විග්‍රහවේ. කාන්චි ලෙස හඳුන්වා දෙන නිළි මිෂ්ති අපූර්වතම රංගනයක යෙදෙන අතර රිෂි කපූර්, මිතුන් චක්‍රබෝර්ති, කාර්නික් ආර්යයන්, චන්දන් රෝයි, රිශාබ් සිං, මීටා වාබ්ෂ්ති රංගනයෙන් දායක වී තිබේ. කාන්චි කතාව සහ තිර රචනයද සුභාෂ් ගයි ගෙනි.
යේවාදු (YEVADU) සත්‍යා (අල්ලු අර්ජුන්) සහ ඔහුගේ පෙම්වතිය වන දීප්ති (කාජල් අග්රවෙල්) යන දෙදෙනාට වධ හිංසා පමුණුවා අනතුරුව දීප්තිව මරා දැමීමට බායි (රාහුල් දේව්) කටයුතු කරයි. දැඩි ලෙස රෝගාතුර වන සත්‍යා ඉන් මිදී බායි ඇතුළු පිරිසගෙන් පලි ගැනීමට කටයුතු කරයි. යේවදු මෙවන් කතා පුවතක් වන අතර ද්‍රවිඩ සහ තෙළිඟු භාෂාවලින් ද එය එළි දැක ඇත. තෙළිඟු සිනමාවේ අති ජනපි‍්‍රය නළුවන් වන අල්ලු අර්ජුන්, රාට්චරන් සහ ශෲති හසන් SHRUTH HASAN සමඟ අමි ජැක්සන්, සායි කුමාර් ඇතුළු ජනපි‍්‍රය නළු නළියන් රාශියකගේ රංගන දායකත්වයෙන් යේවදු ඔපවී ඇත. වම්සි පේඩිපාලි මෙහි අධ්යක්ෂවරයායි. දඩයක්කරුවන් දඩයක්කරුවන්වම දඩයම් කරති
සබොටාජ් (SABOTAGE) සුපිරි නළු ආර්නෝල්ඩ් ස්වසේනගර් රඟන නවතම චිත්‍රපටයයි සබොටාජ්. ආනෝල්ඩ් සමඟ සෑම් වෝතින්ටන් සමඟ ටෙරන්ස් හොවාර්ඩ්, ජෝස් හොලොවේ, ඔලිවියා විලියම්ස් රංගනයෙන් දායක වන සබොටාජ් ඩේවිඩ් අයර් ගේ අධ්‍යක්ෂණයකි. 1936 දී ද සබොටාජ් නමින් චිත්‍රපටයක් නිර්මාණය වූ අතර මෙය නවීකරණය කරන ලද ප්‍රතිනිර්මාණයක් වශයෙන් සැලකේ. මෙය ක්‍රියාදාම චිත්‍රපටයකි.
පෙලයි ඉල්ල පට්ටාතරි ඉන්දීය සිනමාවේ නව පරපුරේ ජනපි‍්‍රය නළුවකු වන ධනුෂ් රඟන නවතම චිත්‍රපටයයි පෙලයි ඉල්ල පට්ටාතරි. මෙය ධනුෂ් ගේ විසිපස් වන චිත්‍රපටය මෙන්ම ඔහුගේම නිෂ්පාදනයකි. ධනුෂ් මෙහි රඝුවරන් ලෙස රඟන අතර අමලාපෝල්, ශලනි ලෙස රංගනයක යෙදේ. මීට අමතරව සමුද්‍රකනි, සරන්යා පොන්වානන් ඇතුළු නළු නිළියන් රැසක් දායක වී ඇත. ආර්. වෙල්රාජ් ගේ අධ්‍යක්ෂණයක් වන පෙලයි ඉල්ල පට්ටාතරි හාස්‍ය ගැබ්වූ සංගීතමය ආදර කතාවකි.
රිවෝල්වර් රාණි (REVOLVER RANI) දේශය සොරකමින්, දේශපාලනයෙන්, උණ්ඩයෙන් සහ ලේ වලින් නැහැවී ඇත. ඔබට එහි ජීවත් විය හැක්කේ තුවක්කුවෙනි. එසේත් නොමැති නම් ඔබේ මරණයද තුවක්කුවකින්ම සිදුවනු ඇත. මෙය රිවෝල්වර් රාණි තේරුම් ගෙන ඇත. අල්කා සිං හෙවත් රිවෝවර් රාණි ලෙස කන්ග්නා රාතෝට් සමඟ වීර්දාස්, පියුස් මිස්රා, ශතීර් හුසේන් ඇතුළු නළු නිළියන් රැසක් රඟන රිවෝල්වර් රාණි සටන්, නැටුම් සහ ගීත ඇතුළත් ක්‍රියාදාම විකට චිත්‍රපටයකි. සායි කබීර් විසින් අධ්‍යක්ෂණය කළ රිවෝල්වර් රාණි රාහුල් මිත්රාරා ගේ නිෂ්පාදනයකි.
හර්කියුලිස් (HERCULES) 2014 වසරේ තිරගත වීම ආරම්භවන තෙක් ප්‍රේක්ෂකයන් බලාසිටි හර්කි්යුලිස් චිත්‍රපටය ඩබ්නි ජොන්සන්, ඉයන් මැක්හේන්, ජෝශප් ෆිනන්ස්, පීටර් මලන්, ජෝන් හාට් වැනි නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති. හර්කියුලිස් නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය බ්‍රෙට් රට්නර් ගෙනි. පේ්රක්ෂකයන් නැවතත් ග්‍රීක පුරාණයට රැගෙන යන හර්කියුලිස් හි හර්කියුලිස් ලෙස රඟන ඩව්නි ජොන්සන් රෙස්ලින් ඩී. වී. ඩී. නරඹන ප්‍රේක්ෂකයන් ගේ සිත් ගත් සටන් නළුවෙකි. මේ නිසාම හර්කියුලිස් ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනාදරයට පත්ව ඇති අතර හර්කියුලිස් නව නිර්මාණය ජනපි‍්‍රය නවකතාවක් ඇසුරෙන් නිර්මාණය කර ඇත.
බ්ලූ රේ
ඩී. වී. ඩී. අනුග්‍රහය |