|
රොබින්ස් විලියම්ස් දිවි නසා ගනී?
හැත්තෑව දශකයේදී ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ සිටියදී රොබින්ස් කොකේන් සහ මත් වතුරට තදින් ඇබ්බැහි වූයේය. 1983 වසරේදී ඔහු ඒ නරක පුරුද්දට සමු දුන්නත් අධික ලෙස මත් වතුරට ඇබ්බැහි වීමෙන් පසු ඇතිවිය හැකි විෂාදයේ ගොදුරක් වීම වැළැක්වීමට නොහැකි විය. අවසානයේදී ඔහු ඊට ජීවිතයෙන් වන්දි ගෙව්වේය. රොබින්ස් ජනප්‍රිය මෙන්ම විශිෂ්ට සිනමාපට රැසක රඟපෑවේය. ‘ගුඩ් මෝනිං වියට්නාම්’ (1987) ‘ඩෙඩ් පොයට්ස් සොසයිටි’ (1989), ‘අවේක්නිංග්ස්’ (1990), ‘ද ෆිෂර් කිංග්’ (1991), ගුඩ් විල් හන්ටිං (1997), ඇලඩින් (1992), ‘නයිට් ඇට් ද මියුසියම්’ (2006) ඒ අතරින් ප්‍රධානය. ‘ගුඩ් විල් හන්ටිං’ රංගනයට ඔහු හොඳම සහාය නළුවා ඔස්කාර් සම්මානයට පාත්‍ර විය. රොබින්ස් තෙවරක්ම ඔස්කාර් සම්මානයට නිර්දේශ වී තිබේ. ඔහු එමී සම්මාන ද්විත්වයකට ද, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන හතරකට ද, ග්‍රැමී සම්මාන පහකට ද, ස්ක්‍රීන් ඇක්ටර්ස් ගිල්ඩ් අවෝඩ්ස් දෙකකට ද හිමිකම් කියන්නෙකි. තෙවරක් විවාහ ජීවිතයට ඇතුළත් වූ රොබින්ස් මිය යන විට ජීවත් වූයේ තෙවැනි බිරිය, ග්‍රැෆික් මෝස්තර ශිල්පිනී, සුසෑන් ස්කනීඩර් සමඟයි. කලින් විවාහයන්ගෙන් ඔහුට දරුවන් තිදෙනකු සිටියි.
|