වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




පියස ගැන කතාබහක්

පියස ගැන කතාබහක්

සුදුයි උසයි, පින්සර දොස්තර, ඇස් අරින මල රෝස, සිරි සිරිමල්, රෝද හතරේ මනමාලයා ආදී ටෙලි නාට්‍ය රැසක් පුංචි තිරයට රැගෙන ආ අධ්‍යක්ෂ සුනිල් කොස්තාගේ නවතම ප්‍රාසාංගික ටෙලි සිත්තම ‘පියස’ වෙයි. තවමත් රූපගත කිරීමේ කටයුතු කෙරෙන මෙම ටෙලි සිත්තමේ පිටපත සකස් වී ඇත්තේ Sounds of many waterss නම් කෘතිය ඇසුරෙනි. ඉදිරියේ දී විකාශය වීමට නියමිත‘පියස’ ටෙලි සිත්තමෙහි පිටපත ලියන ලද්දේ කපිතාන් පි‍්‍රයන්ත ද සිල්වායි.

මෙහි මේනක රාජපක්ෂ, නිරෝෂන් විජේසිංහ, සරත් කොතලාවල, චාන්දනී සෙනෙවිරත්න, ගිහාන් ප්‍රනාන්දු, පාලිත සිල්වා, දිමුතු චින්තක යන ප්‍රවීණ ශිල්පීන් මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙයි. ඊට අමතරව ආනන්ද කුමාර උන්නැහේ, අරවින්ද දොඹගහවත්ත, අරුණි මෙන්ඩිස්, දසුන් පතිරණ, නිසංසලා එදිරිසිංහ, ත්‍රිශුණ පෙරේරා, ගයානා නිර්මාණි, නෙත්ප්‍රිය මනුභාෂිත, නුති ආර්යා, නිලුක්ෂි ෆොන්සේකා, සමන් අල්මේදා, සඳුන් බණ්ඩාර, ජානක හාල්පන්දෙණිය, ඩිල්ෂාන් මධුවන්ත, නිරුදික හේෂාන් රංගනයෙන් දායක වෙති.

සිල්වෙස්ටර් මඩුගල්ල නමැති තරුණයකු වටා ගෙතී ඇති මෙම ටෙලි සිත්තම නිෂ්පාදනය කරන්නේ කපිතාන් ප්‍රියන්ත ද සිල්වායි. චාමර චින්තකගේ සහය අධ්‍යක්ෂණයෙන් ද, ෂමිත් අලහකෝන්ගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද, ප්‍රියන්ත දිසානායකගේ අංග රචනයෙන් ද, ‘පියස’ හැඩ වෙයි. නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් සුදාහරන් විග්නරාජා, කලා අධ්‍යක්ෂයෙන් අජන්ත අලහකෝන්, සංගීත අධ්‍යක්ෂණයෙන් ආචාර්ය රෝහණ වීරසිංහ, නිෂ්පාදන කළමනාකරණයෙන් සෝමදාස මල්දෙණිය, ඇඳුම් නිර්මාණයෙන් ගීතානි සෙනවිරත්නත් මෙම නිර්මාණයට සහය වෙයි.

මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ‘පියස’ පිළිබඳ පසුගියදා ග්‍රෑන්ඩ් මොනාෂ් හෝටලයේදී පැවැත්වුණු පුවත්පත් සාකච්ඡාවයි.


ගයාන් සිනෙරු ගී ප්‍රසංගයෙන්

සිංහ ගුවන් විදුලියේ සෙනසුරාදා ප්‍රචාරය වන සිංහ ගුවන් විදුලියේ සිනෙරු ගී වැඩසටහනට මෙවර සහභාගී වනුයේ ඇහැළේපොළ කුමාරිහාමි සිනමාපටයේ නිෂ්පාදක ගයාන් රණධීරයි.