වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 168

සිංහල සිනමා විස්තරය 168

සඳකඩ පහන

තිරගත වූ දිනය – 1988 මැයි 06
ඉදිරිපත් කිරීම - ගොල්ඩන් ඊගල්
චිත්‍රපට නිෂ්පාදනය – ඩී. සී. අබේවර්ධන
තිර නාටකය හා අධ්‍යක්ෂණය - සුසිර රත්නකුමාර
කතාව - කුමාර කරුණාරත්න
දෙබස් රචනය – රත්නසිරි පරණවිතාන, කේ. ඩී. නික්ලස්, ධර්මදාස ජයලත්, ඇස්. ඒ. ෆ්‍රැන්සිස්
කැමරා අධ්‍යක්ෂණය – ඇම්. ඒ. ගෆූර්
කැමරා සහාය – ඩබ්ලිව්. පියසේන, ඒ. ඩී. ප්‍රේමදාස, ලලිත් තෝමස්, ඇම්. අනුර, අශෝක ශ්‍රීලාල්
කැමරා කරවීම – ජී. නන්දසේන
සංස්කරණය – ඇම්. ඇස් . අලිමාන්
සහාය – ඇස්. ඒ. ප්‍රැන්සිස්
අංග රචනය - කේ. සුබ්බයියා, බෙනට් ජයතුංග
කලා අධ්‍යක්ෂණය – ඇහැලියගොඩ සෝමතිලක
කලා සහාය - සිරි කේ. විදානගේ, සුනිල් විජේරත්න
ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න
ශබ්ද සහාය – උපාලි අරම්පොල, ජයමාන්න, එම්. ඒ. ඒ. අල්විස්, රංජිත් පෙරේරා, පාලිත සිල්වා, ඩබ්ලිව්. ජී. පොඩිරත්න
ගීත පටිගත කිරීම – මර්වින් රුද්‍රිගූ, මරවින් බෙන්ස්
රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ් නියෝජිත ඩිල් ෆිල්ම්ස්
චිත්‍රාගාර හා වරණ රසායනාගාර කටයුතු පාලක – පී. රූපසිංහ (සරසවි චිත්‍රාගාරය)
කාර්මික උපකරණ සැපයීම - සමරසිංහ චිත්‍රපට, විසන් සවුන්ඩ්
නිෂ්පාදන කළමනාකරණය - සරත් කරුණාරත්න, බෙනට් ජයතුංග
නිෂ්පාදන සහාය – එස්. එච්. ප්‍රේමරත්න, එස්. ඒ. ප්‍රැන්සිස්
නිෂ්පාදන සම්බන්ධිකරණය - සෝමපාල දොලපලගේ
ඇඳුම් නිර්මාණය – දිමුතු ට්‍රේලර්ස්
වෙඩි පිපිරවීම් – කරුණාදස අතුරුගිරිය
කොණ්ඩා මෝස්තර – පාලිත කුමාර
පිටපත් මුද්‍රණය - හොංකොං කලර් මූවී ලැබ්
නිශ්චල ඡායාරූප – මාටින් පෙරේරා
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
ගීත
තිදසපුරේ පිය ගැට පාමුල - සුනිල් එදිරිසිංහ – පද – රත්නසිරි පරණවිතාන
පර සංසාරේ එකට – ටී. එම්. ජයරත්න, මාලිනී බුලත්සිංහල – පද – පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
දේදුනු ඔන්චිල්ලා බලා ඉන්නවා - අබේවර්ධන බාලසූරිය – පද – අජන්තා රණසිංහ
හා පැටියා හඳට ගිහිල්ලා - නිරංජලා සරෝජිනි, ධනුෂ්කි ලියනපටබැඳි - පද – ධර්මසිරි ගමගේ
අබැටක් සොයා ගත නොහැකිව (කවි) සුනිල් එදිරිසිංහ – පද – රත්නසිරි පරණවිතාන
බාධක තැවුල් ගත සිත ( කවි) නිර්මලා රණතුංග - පද – එස්. ඒ. ප්‍රැන්සිස්
ධාවන කාලය – පැය 2 විනාඩි 20
නළු නිළියන් – රවීන්ද්‍ර රන්දෙණිය, මාලිනී ෆොන්සේකා, හෙන්රි ජයසේන, විජය නන්දසිරි, හිමාල් ජයසංඛ රත්නකුමාර (ළමා), මාක් සමරනායක, ඩී. ආර්. නානායක්කාර, දෙනවක හාමිනේ, ලැටීෂියා පීරිස්, කාන්ති ලංකා, සුමනා ගෝමස්, කුසුම් කොන්දේගම, රත්නපුරේ ජයසූරිය, ටිරෝන් මයිකල්, කේ. එස්. වේරගොඩ, පැටී කරුණාරත්න, සොලමන් කරුණාරත්න, මංගලිකා ෆොන්සේකා, මොනිකා පෙරේරා, රංජිත් පෙරේරා, විමලින්ද්‍රා කුමාරි, ස්ටැන්ලි සිල්වා, කුසුම් වීරසිංහ, ශානිකා ද අල්විස්

අම්මේ ඔබ නිසා

තිරගත වූ දිනය -1988 මැයි 21
ඉදිරිපත් කිරීම – ආර්. ජේ. එන්ටර්ටේන්මන්ට්ස්
නිෂ්පාදනය – ජගත් පතිරණ, රෝහිත ද සිල්වා
අධ්‍යක්ෂණය – ඇන්ටන් කිංස්ලි
කතාව සහ තිර නාටකය – ජගත් පතිරණ (ඩිස්කෝ ඩාන්සර් හින්දි චිත්‍රපටයේ අනුකරණයකි)
දෙබස් රචනය – ආනන්ද එස්. විජේසිරි
කාර්මික අධ්‍යක්ෂණය සහ සංස්කරණය – එස්. වී. චන්ද්‍රන්
කැමරාකරණය - ජෝන් ජේ. යෝගරාජා
කැමරා සහාය – නිමල් නාකන්දල, නෝබට් රත්නසිරි, ෂෙල්ටන්, පද්මසිරි පීරිස්, ජෝර්ජ් ජයකොඩි, බන්දුල කුරේ, ලක්ෂ්මන් චන්ද්‍රදාස කොඩිතුවක්කු
අංග රචනය – ඊබට් විජේසිංහ
සහාය – ජී. ඩී. නන්දසේන
කලා අධ්‍යක්ෂණය - ඩෙනිස්ටන් පෙරේරා
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද පටිගත කිරිමේ සහාය – උපාලි අරම්පොල, ඩී. එම්. ඒ. ජයමාන්න, අල්විස් අබේසිංහ, ඩබ්. ජී. පොඩිරත්න, පාලිත සිල්වා, රංජිත් පෙරේරා
රසායනාගාර කටයුතු සහ පිටපත් මුද්‍රණය - හොංකොං කලර් මූවී ලැබ්
නාමාවලිය - මොහාන් ඇඩෑම්ස්
නිශ්චල ඡායාරූප – උපාලි ශාන්ත
කොණ්ඩා මෝස්තර – මලිත් ධර්මවර්ධන
කැමරා උපකරණ සැපයීම - සිනේක්විප් සර්විසස් - නාවල
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - නෙළු ශබ්දාගාරය
ගීත පටිගත කිරීමේ සහාය – ක්‍රිස්ටි ප්‍රනාන්දු, ප්‍රේමසිරි රණවන
දෙබස් පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග
සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්
ගීත ප්‍රබන්ධය – උපාලි ධනවලවිතාන, අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට
ගීත
පාට පාට හැන්දෑවක කඳුළු ඕනේ නෑ - එච්. ආර්. ජෝතිපාල සංගීත
සයුරේ මුතුවැල් - අමිත් වල්පොල
නිදි නැති රෑ යාමේ – එච්. ආර්. ජෝතිපාල
ආශා . . . ආශා . . . – එච්. ආර්. ජෝතිපාල
රුවන් වලා විමානයේ - එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල
මේ රස ලෝකේ – එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල
සංගීත මඬලේ ප්‍රතිරාව නැං වූ - එච්. ආර්. ජෝතිපාල
මේ රෑ රඟ මඬලේ - ඇන්ජලින් ගුණතිලක
ඩිස්කෝ ඩිස්කෝ - එච්. ආර්. ජෝතිපාල
නළු නිළියන් - ශෂි විජේන්ද්‍ර, ගීතා කුමාරසිංහ, ශ්‍රියානි අමරසේන, ෆ්‍රෙඩී සිල්වා, වින්සන්ට් කරුණාරත්න, බුද්ධි වික්‍රම, රෝයි ද සිල්වා, මර්වින් ජයතුංග, අග්‍රා සජීවනී, මාක් සැම්සන් (හඳුන්වාදීම), ඊබට් විජේසිංහ, මහේෂ් ජයසිංහ, දමයන්ති ෆොන්සේකා, සඳුන් විජේසිරි, සරත් ද සිල්වා, නෙළුම් පෙරේරා, බර්ටි සුනිල්, ඩෙන්සිල් ලියනගේ