|
‘අඩියක්’ ගසා අමද්‍යප සංගමයට ගිහින්
විනෝද සමය නිෂ්පාදනය කරලා මම බැනුම් අහලත් තියෙනවා. එක දවසක් මම අමද්‍යප සංගමයේ රැස්වීම නමින් එක් අංගයක් විනෝද සමයේ ඉදිරිපත් කළා. එදා අපේ අංගයට ඇනස්ලි, බර්ටි, සැමුවෙල්, ධර්ම ශ්‍රී මම එක් වෙලා හිටියා. මම එහිදී ඉදිරිපත් කළේ ගොතපාලගේ චරිතය . කොහොම හරි වැඩ සටහන ගුවන් විදුලියෙන් විකාශය වුණා. එදා අමද්‍යප රැස්වීම නාට්‍ය අවසන් වුණේ අපි පස් දෙනා වෙරිමර ගාතේ දාන වෙරි පාට් නිසා ප්‍රේක්ෂකයන් සිනා සාගරයක ගිල්වමින්. ඒත් වැඩසටහන විකාශය වෙලා ටික දිනකට පස්සේ ගුවන් විදුලියේ අධ්යක්ෂ ජනරාල්තුමාට කවුදෝ ලියුමක් එවා තිබුණා විනෝද සමයෙන් ආබාධිතයන් සමච්චලයට ලක් කරනවා කියලා. ඒ ලිපියත් සමඟ අධ්යක්ෂ ජනරාල් මට අවවාද කළා ආබාධිත අයගේ චරිත විනෝද සමයෙන් ඉදිරිපත් නොකරන ලෙස. මා ඒ අනුව එදා සිට ඒ පිළිවෙත රකිමින් ආබාධිත අය ගැන පිටපතේ සඳහන් කළේ නැහැ. ඒ ප්‍රශ්නයට තුඩු දුන් අමද්‍යප සංගමයේ රැස්වීම සඳහා සභාපති ලෙස ඇනස්ලි එහි සාමාජිකයෙක් ලෙස බර්ටි තව සාමාජිකයෙක් ලෙස සැමුවෙල් ගොතපාල ලෙස මම තවත් සාමාජිකයකු ලෙස ධර්ම ශ්‍රී රංගනයෙන් ඉදිරිපත් වුණා. සභාපති - තේ පානයෙන් පසු අපි දැන් නැවත රැස්වෙනවා. දැන් කවුරුත් එකඟයිනේ. අද අපි යන්නේ සුරාගම ප්රදේශයටයි. එහෙ තමයි හුඟක් අඩි ගහන මිනිස්සු ඉන්නේ. අපි උන්ට දේශනා කරමු. සාමාජිකයෙක් (බර්ටි) - සහතික ඇත්ත දරුවන්ට පාන් ගෙඩියක් ගෙන්නේ නැහැ. කනමදයන් වගේ බීල එනවා. ගෑනිට අල්ලන් තඩි බානවා. තවත් සාමාජිකයෙක් (සැමුවෙල්) – උන් හැමදාම හිඟන්නෝ නැද්ද මං කියන්නේ, තේරුමක් නැතුවනෙ කට ගොන්නක් බොන්නේ. අපි දැන්මම යමු. සභාපති - මොකද ගොතපාල මහත්තයාගේ අදහස? ගොතපාල - සභාපති දෙසට ඇඟිල්ල දික් කරමින් මු . . . මු . . .මු . . . මූලාසනයෙන් අ . . ආ . . ආ . . අවසරයි. නෝ . . නෝ . . නෝ . . නෝනාවරුනි හම් . . ම් . . ම් . . හාත්වරුනි මා . . මා . . මා . . මමත් කැ . . කැ . . කැමතියි සභාපති – වහින්ඩ වගෙයි. අපි තව ටිකක් බලමුද? මාර වැඩේනෙ, වහිනවා . . පොද වැස්ස තව වැඩි වෙයි. ධර්ම ශ්‍රී – ඔන්න මේ වගේ වෙලාවක නම් පොඩ්ඩක් ගත්තත් කමක් නැහැ සීතලේ යන්ඩ. මේ යක්කු එහෙමයැ. උන් බොනව නොවෙයි නානවා. සභාපති – මමත් ඔහොම වෙලාවකට ගන්ඩ භාගයක් තියං ඉන්නවා. සැමුවෙල් - අපොයි ඔහොම වෙලාවකට බාගෙ මදිනෙ නැද්ද මං කියන්නේ. මා ළඟත් බෝතලයක් ඇති. මම ටක් ගාලා ගිහින් අරන් එන්නං. ඔයගොල්ලො ගන්ඩ අරකෙන් ටික ටික. සභාපති – අනේ ඉක්මනට එන්ඩ. ( කාමරයට ගොස් එයි). එහෙනං මෙන්න මගෙන් ලැබෙන දායකත්වය. ගහමු ටික ටික. (සැමුවෙල් ගෙදර සිට ආපසු පැමිණෙයි) කාලත් ඉවර වෙලා මචෝ. අපේ ගෑනි බීලා මාත් ටිකක් කටේ හලා ගත්තා. හරිම රජ සැපා - මගේ පද්මාවතී නිසා . . .
සභාපති – මගෙ රත්තරං හෙලේනා දැන් පස් දොනාම වෙරි මරගාතේ වෙරි භාෂාවෙන් රංගනයේ නියැලෙන අවස්ථාව. ශාලාව පුරා හූ හඬ සමඟ සිනාව දෝංකාර දෙනවා. සමහරු බඩ අල්ලන් හිනාවෙනවා. තව සමහරුන්ගේ හිනා වෙලාම ඇස්වලින් කඳුළු එනවා. අපේ කට්ටිය වෙරි භාෂාවෙන් අපූරු රංගනයක. සභාපති – අද මේ ගමන යන්ඩ බැහැ මචං, හෙට යමු . . . බර්ටි - හෙටත් වැස්සොත් මචං . . . සභාපති - හෙටත් ගහමු . . .
|