වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




සරිබර සිරියෙන් පිරි ගීතය ලියූ සුනිල් බී. වේහැල්ල

සරිබර සිරියෙන් පිරි ගීතය ලියූ සුනිල් බී. වේහැල්ල

යොවුන් ජනතා පුවත්පතේ ‘ලියන්න හපනෙක්’ විශේෂාංගය යටතේ මා රටට හඳුන්වා දුන්නා. මට ඒ අවස්ථාව සලසා දුන්නේ ඇන්ටන් සැම්සන් සහෝදරයා. මම එදා ඉඳලා පුවත්පත් රාශියකට කවි, නිසඳැස්, කෙටිකතා තුන් දහසකට අධික සංඛ්‍යාවක් ලියලා තියෙනවා.

සුනිල් බී. වේහැල්ල නම් වූ ඔහු සිය ලේඛන දිවියේ ආරම්භය පිළිබඳව පැවසූයේ එලෙසිනි. මාතර වල්ගම්මුල්ල ගමේ උපන් මොහු ඇඹිලිපිටිය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරීය. පාසලේදී ගායනයට සහ රංගනයට ද යොමු වූ හෙතෙම ධවල හස්ථි, ඝෝෂා, මුරුගසන් වරුසා යන වේදිකා නාට්‍ය සඳහා රංගනයෙන් දායක විය.

1980 වසරේ රුහුණු සේවයට කවි, නිසඳැස් ලියූ සුනිල් පසු කාලයේදී ලංකාදීප, සුවඳ, සම්පත, බිරිඳ, සරසි, සරසවිය ආදී පුවත්පත් සඳහා කෙටි ලිපි සහ නිසඳැස්, කවි ලියන්නට පුරුදු විය.

‘සිරිබර සිරියෙන් පිරි ලක්මෑණී’ සුනිල් බී. වේහැල්ල ලියූ පළමු ගීතයයි. දේශාභිමානී ගීතයක් ලෙසින් ලිය වූ මෙම ගීතය ගායනය සංජය බණ්ඩාර සහ සංගීතය සරත් ද අල්විස් යන අයගේ එකතුවෙන් නිර්මාණය වූවකි.

සංගීතය පිළිබඳ දැනුම ලබා දුන් පාසල් ගුරුතුමිය කලානි, යෞවන සමාජයේ සංගීත උපදේශක අනුර විජේසේකර, කලා දිවියට අත්වැලක් වූ ධනපාල උඩවත්ත, රංගන ශිල්පී නිමල් ජයවීර, පුබුදු ප්‍රසන්න, සරත් යන අයටත් දෙමාපිය දෙදෙනාවත් බිරිඳ නීතා, දුව සහ පුතාවත් සිහිපත් කරන්නේ ගෞරවයෙනි.

සුනිල් බී. වේහැල්ල, නො. 66/15, පාසල් මාවත, ඔලබොඩුව, ගෝනපොල හන්දිය.
දුරකථන අංකය – 0779166288.