වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




F E E D B A C K

රිටිගල අභියස වෙනස්

සුන්දර වනගත පරසරයක කටුක අත්දැකිම් ලබමින් කාර්මික ශිල්පින්, අදියුරු සහ නළු නිළි කැල අපට රිටිගල අභියස තුළින් වෙනස්ම පුරාවෘත්තයක් ලබා දෙයි. පෙම්වතියගේ අතුරුදන්වීමෙන් අසහනයට පත් වූ විශ්ව විද්‍යාල ආචාර්යවරයා වන කුමුදු නිශාන්ත සහ ගෝත්‍රික නායකයා ලෙස රඟන ශ්‍රියන්ත මෙන්ඩිස් නිරෝෂන් විජේසිංහ, උමයංගනා වික්‍රමසිංහ ආදීන්ගේ රඟපෑම අපූරුයි.
 

ඩඩ්ලි ගෝමස්

මොරටුව

කටුබැද්ද

බිමල් සැබෑම දක්ෂයා

බිමල් ජයකොඩි ලැබෙන සෑම චරිතයකටම සජීවීව පණ පොවමින් තාත්ත්වික රංගනයේ යෙදෙන බවත් හැබෑම දක්ෂ නළුවකු බවත් කිව හැකිය.
 

නීටා මාසලින්

වරාගොඩ

හාට් බීට් නැවුම්

සිත් එෆ්. හි හාට් බීට් වැඩසටහන ඉදිරිපත් කරන අමිල එදිරිමාන්න එම වැඩසටහන අර්ථපූර්ණ බවින් යුතු නැවුම් අදහස් කැටිකොට හරි අපූරුවට ශ්‍රාවකයන් ප්‍රිය කරන ගීත ඇතුළත් කොට ගෙන එයි.
 

එච්. ඉන්ද්‍රපාල

මුංහේන

අගය කරමු

ප්‍රවීණ රංගධර සුමින්ද සිරිසේනයන්ගේ කලා දිවිය අගයමින් පසුගියදා ශ්‍රී ලංකා නළු නිළි සංසදය මඟින් එතුමාණන්ට කළ උපහාරය අගය කළ යුතුයි.
 

දයාරත්න ගනේගොඩ

කැලණිය

තිලක් අස්වාභාවිකයි

පුංචි වලව්වේ රඟපෑ තිලක් කුමාර රත්නායකගේ දෙබස් උච්ඡාරණය අස්වාභාවික ලෙස දැනුණා. එය අපට දැනුණේ අධිරංගනයක් වගේ.
 

සුසිලා පතිරාජ

උස්වැටකෙයියාව

සුගත්ට උත්තමාචාරය

ඇහැලේපොළ කුමාරිහාමි රිදී තිරයට ගෙනා සුගත් සමරකෝන්ට අප සැමගේ උත්තමාචාරය.
 

චිත්‍රා පෙරේරරා

රොෂාන් සිල්වා

උපාලි ඉනෝකා

රාගම

ශාලා වැඩි කරන්න ක්‍රම

අද දිවයිනේ ඉතිරිව ඇති සිනමාහල් ප්‍රමාණය 150 ක් පමණය. අලුතින් විවෘත වන සිනමාහල්වලට වඩා වැඩි වේගයකින් සිනමාහල් වැසී යයි. මේ හේතුව නිසා ග්‍රාමීය ප්‍රදේශවලට චිත්‍රපට ගෙන යාමේ විකල්ප ක්‍රම සොයා ගත යුතුය. ගම්බද පාසල්, ප්‍රධාන ශාලා, ප්‍රජා ශාලාවල සහ වෙනත් සුදුසු ගෙඩනැගිලිවල තිරයක් දමා අඩු මිලට චිත්‍රපට පෙන්වීම එයට මඳ විසඳුමක් වෙයි.
 

එස්. කේ. ජයවර්ධන

වත්තේගම හිටපු කලාප

අධ්‍යාපන අධ්‍යක්ෂ

වලව්ව නිම වුණේ දුකෙන්

දුලීකා මාරපන විශිෂ්ට රංගනයක් දක්වමින් ප්‍රේක්ෂක වැඩිම ප්‍රසාදයක් ලැබුවේ පුංචි වලව්වෙන් බව රහසක් නොවේ. මේකලා නම් චරිතයෙන් කෙටි කාලයක් තුළින් ප්‍රේක්ෂක සිත් දිනා ගැනිමට සමත් වූ පුංචි වලව්ව නිමා කළේ හදවතට දුක් කන්දරාවක් එක් කරමිනි.
 

පාලක සමන් පෙරේරා

හැඳල, අල්විස්ටවුම

S.M.S.

සූරියභානු ඩීවීඩී ගත කරන්න යැයි ප්‍රතිචාර පිටුවේ පාඨකයෙක් අදහස් දක්වා තිබුණා. මමත් ඊට එකඟ වෙනවා.
 

නිරෝෂන්

නුවරඑළිය

අනිත් නිළියෝ රඟපාන්න හදද්දි දුලීකා මාරපන රඟපාලා ඉවරයි. එච්චරට ඇය දක්ෂයි.
 

වාසනා

අලුත්ගම

අප ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියදාස පීරිස්ට දීර්ඝායුෂ පතමි.
 

අරවින්ද නිමල්

ගම්පහ

හේමාල් රණසිංහට,

ටෙලි සිතුවම් කලාවට වසංගතයක් වන තරමට අද වෙද්දි නළුවො බිහි වෙලා. ඒත් සිනමාවට නම් නවක රංගන ශිල්පීන්ගේ අඩුවක් තියෙනවා. ටෙලි නළුවන් සිනමාවට ආවත් ඔවුන්ට ස්ථිර පැවැත්මක් නැහැ. හේමාල් ඔබට සිනමාවේ ස්ථිර තැනක් තියෙනවා. ඔබ ටෙලි නළුවෙක් වෙන්න එපා. එතකොට අපට එපා වේවි.
 

කරු මන්දාවල

නාත්තන්ඩිය

ආදරණීය වස්සානය සිනමාපටය හැදූ සෙනේෂ් දිසානායක බණ්ඩාර හාට් එෆ් එම් සමඟින් නැවතත් අප හමු වුණා. ඒ අනගි සිනමාපටයක් වගේම නිර්මාණයක් ආයෙත් ඕනෑ.
 

ලක්මාලි

වරකපොළ

පුංචි වලව්වේ අප්පු ලෙස රඟපෑ ශිරාන් ශාන්ත මුළු නාට්‍ය පුරා අපව හිනස්සලා අවසානයේදී නෙතට කඳුළක් එක් කළා.
 

වික්‍රම

මිද්දෙණිය

ශමින්ද්‍රි හොර්දාගොඩ පසුගිය දිනවල අප දුටුවේම නැහැ. විවාහයෙන් පසු කලාවෙන් ඈත් වූ ඔබ දිගින් දිගටම පවුල් ජීවිතයට මුල්තැන දුන්නා. ආයෙත් දකින්නට ආසයි. සැමියා එක්ක කතාබහ කරලා ආයේ රඟපාන්න එන්න.
 

ෆාතිමා

වැලිගම

සුරේන්ද්‍ර අයියේ මං ඔයාගේ ගීතවලට වහ වැටිලා ඉන්නේ. මං ආස ඔයාගේ අලුත් සිංදු අහන්න විතරයි. පැරැණි ගීත නොකියා තමාගේම ගීත ගයන්න.
 

නිලුකා ප්‍රියදර්ශනී

නාත්තන්ඩිය

රණා නිමවීම දුකයි. එහි දෙවැනි කොටස ඕනෑ.
 

රත්න කහඳව

අලව්ව

දැන් සිටින ගායක ගායිකාවෝ එකම ආරට ගී නිර්මාණය කරන්නේ. ඒවායේ සමහර වචන කිසිම ගැලපීමක් නැහැ. නමුත් ‘නිදුකින් ඉනු මැන’ ගීතය නම් හරිම අපූරුයි.
 

ඉෂාන්

පොතුවටවන

දුලානි අනුරාධා, ඔබ ‘සරසවිය’ මුල් පිටුවේ හිටියේ හරියට හින්දි නිළියක් වගේ.
 

සුදත්

මීගමුව

බින්දු බින්දු මල් වැස්සේ, දේදුනු පාලම මැදින් රන් හිරුමඬලින් නිහඬ කල්පනා ලොවට කැන්දාගගෙන ගිය අපේ කාලයේ සුභාවිත ගීය සොය ගිය සංගීත ශිල්පියානෝ විශාරද එඩ්වඩ් ජයකොඩි,  ඔබ වැනි අයකු අප උතුම් දිවයිනට මැණිකක් බඳුය.
 

චතුරංග සම්පත්

තුන්තැන

ඇහැලේපොල කුමාරිහාමි චිත්‍රපටය හොඳයි. සත්‍ය සිදුවීම් නිරූපණය වෙනවා. ඇතැම් විටෙක රජ කාලයේ කතා විලාශය වෙනුවට වර්තමානයේ කතා කරන වචන ඇසෙන්නට ලැබෙනවා. අයියන්ඩි වචනය සැරින් සැරේ ඇහුනත් අයියා යන වචනය ඒ අතර ඇහුනා. ඒ පොඩි වැරැදි තිබුණේ නැතිනම් චිත්‍රපටය තවත් තාත්ත්වික වෙනවා.
 

නිරෝෂ් සම්පත් (12 ශ්‍රේණිය)

සිංහරාජය

දිල්හානි අශෝකමාලා අක්කේ, ඔයාව රජ බිසවකට මනාව ගැලපෙනවා. ඔබ ඒ බව මහින්දාගමනය, සිරි දළදාගමනය වැනි නාට්‍යවලින් ඔප්පු කළා.
 

හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය

මේ දිනවල විකාශය වෙන සුජාතා ටෙලි සිතුවම ගොඩක් ලස්සනයි. ඒ ටෙලි ඩ්‍රාමා එක දැනටමත් අප සිත් වෙලාගෙන අවසන්.
 

සමීර ලක්මාල්

නාත්තණ්ඩිය

රූපවාහිනියේ වජිර ජයවර්ධනට මල් මිටක්. ඔහු තමයි වර්තමානයේ රූපවාහිනී මාධ්‍ය තුළ සිටින විශිෂ්ටතම පූරකයා.
 

හේමන්ත

උඩුවර

මා දුටු සරලම නිළිය මංජුලා කුමාරියි. ඇය සපුමලී නාට්‍යයේ මෙන්ම වරාමලී නාට්‍යයේ රඟපෑම හරිම අගෙයි.
 

චන්ද්‍රමාලි

මාතර

දැන් හැදෙන සමහර චිත්‍රපට ටෙලි නාට්‍ය බැලුවාම වමනය යනවා. මේවා හොඳයි බඩ විරේක වෙන්න.
 

වසන්ත

අනුරාධපුරය

මෙතෙක් අපට නරඹන්නට නොහැකි වූ සිංහල චිත්‍රපට රූපවාහිනී නාලිකාවන් ප්‍රදර්ශනය කරනවා නම් හොඳයි. විශේෂයෙන් මාතලන්, පොඩි පුතා, අශෝකා වැනි ඒවා.
 

නිශාන්ත

වත්තෙගෙදර

ධර්මදාස වල්පොල නාමය සදා අමරණීයයි.
 

මධුශාන්ත

අම්බලන්ගොඩ

දහඅට වංගුව ගැයූ කුමා අත්තනායකගෙන් අප නැවුම් ගීත එකතුවක් බලාපොරොත්තු වෙමු.
 

දයාරත්න

කඩවත

ප්‍රතිචාර ක්ෂණිකව එවන්න 0752805047
www.sarasaviya.lk
 
වෙබ් පිටුව මඟින් ද ප්‍රතිචාර දැක් විය හැකිය. එමෙන්ම අපගේ පැරැණි පාඨකයන් නිබඳව අප හා සම්බන්ධ වන්නේ තැපැල්පත් මඟිනි. ඔවුන් වෙනුවෙන්
සරසවිය, ලේක්හවුස්,
කොළඹ 10 යන ලිපිනය විවෘතව පවතියි.